ෆෙඩ්රික් එංගල්ස්

සාමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට


“සමාජවාදය-මනෝරාජ්‍යයෙන් විද්‍යාවට” යන පොතෙහි ඉංග්‍රීසි සංකරණයට විශේෂ හැදින්වීම1

මෙම කුඩා පොත මුලින් මීට වඩා විශාල පොතක එක කොටසක් විය. බර්ලින් විශ්ව විද්‍යාලයේ ආගන්තුක කථිකාචාර්ය වරයෙකුව සිටි ආචාර්ය ඊ. ඩූරිං තමා සමාජවාදය වැළදගත් බව හදිසියේම සහ තරමක ගාල ගෝට්ඨියක් සහිතව පුකාශයට පත් කර එයින් නොනැවතී ජර්මන් ජනතාව වෙත විස්තරාත්මක සමාජවාදී න්‍යායයක් පමණක් නොව සමාජය ප්‍රතිසංවිධානය කිරීම සදහා අංග සම්පුර්ණ ප්‍රායෝගික සැලැස්මක්ද ඉදිරිපත් කළේය. අපේක්ෂා කළ හැකි පරිද්දෙන්ම ඔහු ඔහුගේ පුර්වගාමීන්ට පටහනි වුයේය. අන් සියල්ලටම වඩා ඔහුගේ කෝපාග්නියේ මළු තාපයම මාක්ස් වෙත එල්ල කිරීමෙන් හේ මාක්ස් වෙත එල්ල කිරීමෙන් හේ මාක්ස්ට ගෞරව කළේය.

මෙය සිදුවුයේ ජර්මන් සමාජවාදී පක්ෂයේ කොටස් දෙකක් වු ඊසනාක්වාදීන් සහ ලසාල්වාදීන් ඒකාබද්ධ වීමත්2 එමගින් ඔවුන්ගේ ශක්තිය විශාල වශයෙන් වර්ධනය කරගැනීමත් ඊටත් වඩා පොදු සතුරාට විරුද්ධව ඔවුන්ගේ මුළු ශක්තිය යෙදීමේ හැකියාව ඇති කරගැනීමත් සිදුවු වකවනුවේම මෙනි ජර්මනියේ සමාවාදී පක්ෂය සීඝ්‍ර ලෙස මහත් බලවේගයක් බවට පත්වෙමින් තිබුණේය නමුත් එහි බලයතහවුරු කිරීම පිණිස ඉටු විය යුතු ප්‍රථම කොන්දේසිය වුයේ අළුතෙන් දිනාගත් සමගිය විනාශවිය. නොදී රැක ගැනීමය. ඒ අතර ආචාර්ය ඩුරිං තමන් වටා නිකායක් ගොඩ නැගීමට විවෘත ලෙසම කටයුතු කරගෙන ගියේය. ඒ අනුව අප කැමති වුවත් නැතත්, අප වෙත දමා ගසන ලද සටන් අභියෝගය පිළිගැනීම අවශ්‍ය විය.

එසේ වුවද, මෙය අති දුෂ්කර නොවුවත්, පැහැදිලිවම පෙනෙන පරිදි දිග්ගැස්සෙන කාර්යයකි. කවුරැත් දන්නා පරිදි ජර්මන්වරුන් වන අපි ඉතාමත් බරපතළ Gründlichkeit නැතහොත් උන්නතිකාමී මහාර්ථයක් හෝ මහාර්ථතා උන්නතිකාමීත්වයක් ඇත්තෝ වෙමු. මේ දෙකෙන් ඔබ සුදුසු යයි හැගෙන දෙයක් ගැන විස්තර විභාග දක්වන කල, ප්‍රථමයෙන්ම එය සියල්ල අන්තර්ගත ක්‍රමයක් වන ආකාරයට එය පැහැදිලි කර දැක්වීමට සිදුවේ තර්ක විද්‍යාවේ මුල් ප්‍රතිපත්ති හා විශ්වයේ මුලික න්‍යායයන් යන දෙකම සදා කල්හිම පැවති බව ඔප්පු කිරීමට ඔහුට සිදුවේ. ඔහුට එය කරන්නට සිදු වුයේ අන් කාර්යයක් නොවේ. ආන්තික වශයෙන්, අළුතෙන් සොයාගත් මුදුන් මල් කඩක් බදු න්‍යාය වෙත ලගා වීම සදහාය. මේ අතින් බලන කල්හි ආචාර්ය ඩූරිං ජාතික මට්ටමට ඉතා මැනවින් ගැලපෙන සේ කටයුතු කර ඇත. ඔහු ඉදිරිපත් කර ඇත්තේ මානසික, සාද්‍රාචාරය පකෘතිමය ස ‍ඓතිහාසිය දර්ශන ඇතුලත් සම්පුර්ණ "දර්ශනවාද ක්‍රමයක්" ද, අවසාන වහයෙන් "දේශපාලන අර්ථ ශාස්ත්‍ර සහ සමාජවාදී ක්‍රමයක්" ද, අවසාන වශයෙන් "දේශපාලන අර්ථ ශාස්ත්‍රය පිළිබද විවේචනාත්මක ඉතිහාසයක් " ද ඇතුලත්, අනුන න්‍යායයකි. එය අටෙන් එක පුමාණයේ වෙළුම් තුනකින් යුක්ත වන අතර බාහිර හා නෛසර්ගික බරෙන් යුක්තය. පුර්වගාමී දර්ශනවාදීන් සහ අර්ථ ශ්‍රාස්ත්‍රඥයන් සියලු දෙනාටම විරැද්ධව පොදු වශයෙන්ද, මාක්ස්ට, විරැද්ධව විශේෂයෙන්ද, මෙහෙයවන ලද තර්ක නැමති යුද්ධ හමුද්‍රා තුනකි. ඇත්තෙන්ම මෙය නම්, අංග සම්පුර්ණ "දේශපාලන අර්ථ ශාස්ත්‍ර සහ සමාජවාදී ක්‍රමයක්" ද, අවසාන වශයෙන් "දේශපාලන අර්ථ ශාස්ත්‍රය පිළිබද විවේචනාත්මක ඉතිහාසයක්" ද, අතුලත්, අනූ න්‍යායයකි. එය අටෙන් එක ප්‍රමාණයේ වෙළුම් තුනකින් යුක්ත වන අතර බාහිර හා නෛසර්ගික බරෙන් යුක්තය. පුර්වගාමී දර්ශනවාදීන් සහ අර්ථ ශාස්ත්‍රඥයන් සියලු දෙනාටම විරැද්ධව පොදු වශයෙන්ද, මාක්ස්ට විරුද්ධව පොදු වශයෙන්ද, මාක්ස්ට විරැද්ධව විශේෂයෙන්ද, මෙහෙයවන ලද තර්ක නැමති යුද්ධ හමුදා තුනකි. ඇත්තෙන්ම මෙය නම්, අංග සම්පුර්ණ "විද්‍යා විප්ලවයක්" කිරීමට දරන ලද ප්‍රයත්නයකි. මා පිළිතුරු සැපයිව යුතුව තිබෙන්නේ මේ සියල්ලටමය. කාලය සහ අවකාශය පිළිබද සංකල්පයන්ගේ පටන් ද්විලෝහ මුදල් මිම්ම3 දක්වා වූද, ද්‍රව්‍යයේ සහ චලනයෙහි සදාකාලිත්වයේ පටන් සද්‍රාචාර අදහස් වල නශ්‍ය ස්භාවය දක්වාද ඩාවින්ගේ ස්භාවික වර්ණීයතා න්‍යායෙහි පටන් අනාගත සමාජයේ යෞවනයන් ශික්ෂණය කිරීම දක්වාද වු, තිබිය හැකි සෑම සියලු මාතෟකාවක්ම ගැන කරුණු දැක්වීමට මට සිදුවිය. කෙසේ හෝ වේවා මගේ ප්‍රතිපාක්ෂිකයා ක්‍රමාණුකූල අංග සම්පුර්ණත්වයකින් කරුණු ඉදිරිපත්කර ඇති හෙයින්, පෙරට වඩා, වඩාත් ඒකාබද්ධ ආකාරයකින් විස්තර කර දැක්වීමේ අවස්ථාවක් ඔහු මට සලසා දුන්නේය. වෙනත් ලෙසකින් ගතහොත් අකෘතඥයයි කිව හැකි මෙම කර්තව්‍යය භාරගැනීමට මා පෙළඹවු ප්‍රධාන ‍හේතුව එයයි.

මගේ පිලිතුර ප්‍රතමයෙන්, සමාජවාදී පක්ෂයේ ප්‍රධාන පත්‍රය වන ලයිප්සිග් Vorwärts පත්‍රයෙහි ලිපි පෙළක් වශයෙන්ද, පසුව "Herrn Eugen Dühring Umwälzung der Wissenschaft (ඊ. ඩුරිං මහතාගේ විද්‍යා විප්ලවය)" යන පොත වශයෙන්ද පළ කරන ලදී. එම පොතෙහි දෙවන සංස්කරණය 1886 දී සුරික් හිදි පළ කරන ලදී.

ප්‍රංශ මන්ත්‍රී මණ්ඩලයේ ලීල් කොට්ඨාශය දැනට නියෝජනය කරන, මා මිත්‍ර පෝල් ලාෆාර්ග්ගේ ඉල්ලීම අනුව මා මෙම පොතෙන් පරිචේද තුනක් පොත් පිංචක් වශයෙන් සකස් කළෙන්, ඔහු එය පරිවර්තනය කර 1880 දී "මනෝරාජික සමාජවාදය සහ විද්‍යාත්මක සමාජවාදය" යන නම ඇතිව පළ කළේය. එම ප්‍රංශ පිටපත අනුව පෝලන්ත සහ ස්පාඤ්ඤ සංස්කරණයන් සකස් කරන ලදී. 1883 දී අපගේ ජර්මන් මිත්‍රයෝ මුල් භාෂාවෙන් එම පොත් පිංච පළ කළහ. ඉන් පසුව ජර්මන් පිටපත පදනම් කරගෙන ඉතාලි, රැසියන්, ඩැනිෂ්, ලන්දේසි සහ රුමේනියානු පරිවර්තන පළ කර ඇත. ඒ අනුව මෙම ඉංග්‍රිසි සංස්කරණයත් සමග දැන් මෙම කුඩාපොත භාෂා දහයකින් ප්‍රචාරය වන්නේය. මෙතරම් නිරන්තර ලෙස පරිවර්තනය කරනු ලබන වෙනත් සමාජවාදී කෘතියක් ගැන මම නොදන්නෙමි. 1848 "කොමියුනිස්ට් ප්‍රකාශනය" හෝ, මාක්ස්ගේ "ප්‍රාග්ධනය" හෝ වුවද මෙතරම් නිරන්තර ලෙස පරිවර්තනය කරනු නොදක්නා ලදී. ජර්මනියෙහි, මෙම පොතෙන් මුළු පිටපත් ගණන 20,000 ක් පමණ වු සංස්කරණ හතරක් පළ වී ඇත.

"දී මාර්ක්"4 නැමති උප ග්‍රන්ථය ලියන ලද්දේ ජර්මනියේ වතුකාර දේපළවල ඉතිහාසය සහ සංවර්ධනය ගැන මුලික දැනුමක් ජර්මන් සමාජවාදී පක්ෂය තුළ පතුරුවා හැරීමේ අදහස ඇතිවය. නාගරික කම්කරු ජනතාව එම පක්ෂය වෙත ඇද ගැනීම බොහෝ දුරට සම්පුර්ණ වෙමින් තිබුණු, එමෙන්ම කෘෂිකාර්මික කම්කරුවන් හා ගොවිජනයා හා සම්බන්ධයෙන් කටයුතු කිරීම අවශ්‍යව තිබුණු වකවාණුවක මෙය ඉතාමත් අවශ්‍ය දෙයක් ලෙස පෙනී ගියේය. ජර්මන් ගෝත්‍රවලට පොදුවු මුල් ඉඩම් බුක්ති ආකෘති සහ ඒවායේ අභාවය පිළිබද ඉතිහාසය ගැන එංගලන්තයෙහි ඇති ප්‍රසිද්ධිය ජර්මනියටත් වඩා අඩු නිසා මෙම උපග්‍රන්ථය පරිවර්තනයට ඇතුළත් කර තිබේ. මාර්ක් සමාජයෙහි සාමාජිකයන් අතර කෘෂි ඉඩම් හා තණ බිම් බෙද්‍රාවෙන්කර ගැනීමට පෙර, ( දැනුදු පවතින ස්ලවෝනියානු සද්රුගා සමාජයෙන් නිදසුන් දෙන පරිදි) ඒවා පරම්පරා ගණනාවක් ඔස්සේ විහිද ගිය විශාල පිතෘ මුලික පවුලක් විසින් ඒකාබද්ධ ගිණුම් පිළිවෙළේ කළමණාරණය මගින් එය මෙහෙයවා ගත නොහැකි තත්වයට පත් වු පසු බෙදා වෙන් කර ගැනීම සිදු වු බවත් කියමින් මක්සිම් කවලේස්කි මෑතදී ආරම්භ කළ කල්පිතය ගැන සදහන් නොකරම, මුල් පොතෙහි ඇති ලෙසටම පරිවර්තනයෙහිද පෙළ තිබෙන්නට හැරියෙමි. සමහර විට කවලේස්කිගේ මතය සම්පුර්ණයෙන්ම නිවැරදි විය හැකි නමුත්, මෙය තවමත් Sub judice(තවමත් නිශ්චය නොවු - සංකාරක.) ලෙසට පවතී.

මෙම පොතෙහි අළුත් ආර්ථික යෙදුම් ඇතොත් ඒවා යොද්‍රා තිබෙන්නේ මාක්ස්ගේ "ප්‍රාග්ධනය" කෘතියෙහි ඉංග්‍රිසි සංකරණයෙහි එන යෙදුම්වලට සමානවය. නිෂ්පාදකයන්ගේ ප්‍රයෝජනය සදහා පමණක් නොව හුවමාරැවද අරමුණු කරගෙන, නැතහොත්, භාවිත වටිනාකම් වශයෙන් නොව, වෙළද භාණ්ඩ වශයෙන් නිෂ්පාදනය කරන කල, එය විසුතර කිරීමට අපි "වෙළද භාණ්ඩ නිෂ්පාදනය" යන වාක්‍ය ඛණ්ඩය යොදන්නෙමු. හුවමාරැව සදහා වු නිෂ්පාදනයේ මුල් ආරම්භයේ පටන් වර්තමාන කාලය දක්වාම මෙම අදියර විහිද යන්නේය. එය පුර්ණ වර්ධනයට පත් වන්නේ, ධනපති නිෂ්පාදනය යටතේ පමණකි. එනම්, ස්වකීය ශ්‍රම ශක්තිය හැර වෙනත් නිෂ්පාදන මාර්ග අහිමි ශුමිකයන්, නිෂ්පාදන මාර්ගවල හිමිකරුවා වන ධනපතියා විසින් වේතන සදහා වැඩෙහි යොදවනු ලබන්නා වුද, ඔහුගේ ආයෝජනය ඉක්මවන නිෂ්පාදිතයේ අළෙවි මිළ අතිරික්තය ඔහු විසින් සාක්කුවේ ලාගනු ලබන්නා වුද කොන්දේසි යටතේ පමණකි. අපි මාධ්‍ය කාලීන සමයෙන් ඉක්බිති කාර්මික නිෂ්පාදනයේ ඉතිහාසය කාල පරිඡේද තුනකට බෙදන්නෙමු. 1) හස්ත කර්මාන්තය, මෙම ක්‍රමය යටතේ සෑම ශ්‍රමිකයෙක්ම සම්පුර්ණ භාණ්ඩයක් නිපදවයි. 2) භාණ්ඩ තැනීමේ කර්මාන්තය, එක විශාල ආයතනයක් තුළ කණ්ඩායම් ගතවුනු කම්කරැවන් විශාල සංඛ්‍යාවක් සම්පර්ණ භාණ්ඩය නිපදවති, මෙහිදී ශ්‍රම විභජනයේ ප්‍රතිපත්තිය පදනම් කරගෙන එක් එක් කම්කරුවෙක් නිෂ්පාදිතය අනුගාමී ලෙසින් සියලුම කම්කරැවන්ගේ අත් මගින් ගිය පසු පමණක් එහි නිමැවුම සම්පුර්ණ වන්නේය,3) නවීන කර්මාන්තය, මෙහිදී භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන්නේ බල ශක්තියෙන් ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍ර මගිනි, කම්කරුවාගේ කාර්යය, යාන්ත්‍රික මාර්ගයේ කටයුතු පරිපාලනය කිරීමට සහ නිවැරදි කිරීමට සීමා වන්නේය.

මෙම කෘතියේ සන්ධාරය බිතන්‍ය පාඨක මහජනයාගෙන් සැලකිය යුතු කොටසක විරැද්ධත්වයට ලක් වනු ඇතැයි යන්න මම හොදින් දනිමි. මහා දේශ වාසීන් වන අපි බිතාන්‍ය "නම්බුකාරකම" පිළිබද දුර්මතයන් කෙරෙහි අල්ප මාත්‍ර හෝ සැලකිල්ලක් දැක්විමු නම්, අප දැනට සිටිනවාටත් වඩා නරක තත්වයකට පත්වන්නට තිබුණි. මෙම පොත අප "ඓතිහාසීය ද්‍රව්‍යවාදය" යනුවෙන් හදුන්වන දෙය රකියි. එහෙත් "ද්‍රව්‍යවාදය" යන්න බිතාන්‍ය පාඨකයන් අති විශාල සංඛ්‍යාවක කනට කෝටු අනින්නා වැනි වචනයකි. "අඥෙයවාදය"5 ඉවසීමට ඉඩ ඇතත් ද්‍රව්‍යවාදය නම් පිලිගත නොහේ.

නමුත්, එසේ වුවත් දහහත්වැනි ශතවර්ෂයෙන් මෙපිට නවීන ද්‍රව්‍යවාද සියල්ලෙහිම මුල් නිවස වුයේ එංගලන්තයයි.

"ද්‍රව්‍යවාදය" මහා බිතාන්‍යයේ ස්වභාව-ජාත පුත්‍රයාය. ද්‍රව්‍යයට සිතීමේ හැකියාව තිබේ දැයි බිතාන්‍ය ස්කුල්මන්6 ඩුන්ස් ස්කෝටුස් දැනටමත් අසා ඇත.

මෙම ප්‍රාතිහාර්ය්‍යය සාර්ථක කිරීම සදහා ඔහු දෙවියන්ගේ සර්වබලධාරීත්වය පිහිට කොට ගත්තේය. නැතහොත්, ඔහු දේවධර්මය 7 ලවා ද්‍රව්‍යවාදය දේශනා කෙරෙව්වේය. එපමණක් නොව ඔහු නාමමාත්‍රවාදියෙක් 8 ද විය. ද්‍රව්‍යවාදයේ ප්‍රථම ආකෘතිය වන නාමමාත්‍රවාදය ප්‍රධාන වශයෙන් පැතිර පවත්නේ ඉංගිසි විශ්වවිද්‍යාලාචාරින් අතරය.

ඉංග්‍රිසි ද්‍රව්‍යවාදයේ සැබෑ ආදී කතෘවරයා වුයේ බේකන්ය. ඔහුට ස්භාවික දර්ශනය එකම සත්‍ය දර්ශනවාදය වු අතර, ඉන්ද්‍රියන්ගේ අත්දැකීම පදනම් කරගත් භෞතික විද්‍යාව ස්භාවික දර්ශනයේ ප්‍රධානතම කොටස විය. ආප්තෝක්ති වශයෙන් ඔහු බොහෝ විට සදහන් කරන්නේ ඇනක්සගෝරස් සහ ඔහුගේ හෝමියෝමෙරියායි9. ගැනත් ඩිමොක්‍රිටස් සහ ඔහුගේ පරමාණු ගැනත්ය. ඉන්ද්‍රියන් නොවරදින සුලු බවත්, සියලු ඥානයෙහි පදනම එය වන බවත්ය. සියලුම විද්‍යාවන් අත්දැකීම මත පදනම් වී ඇති අතර ඉන්ද්‍රිය විසින් සපයන ලද දන්තයන් තාර්කික විධියේ පරීක්ෂණයට භාජනය කිරීමෙන් සංයුක්ත වේ. එවැනි තාර්කකි විධියක ප්‍රධාන ආකෘති වන්නේ උද්ගමනය, විශ්ලේෂණය සංස්න්දනය, නිරීක්ෂණය සහ පර්යේෂණයයි. ද්‍රව්‍යයෙහි නෛසර්ගික ගුණයන් අතුරෙන් චලිතය ප්‍රථම ස ප්‍රධානය. එහෙත් එය යාන්ත්‍රිකමය හා ගණිතමය ආකාරයේ චලිතය පමණක් නොවේ. ප්‍රධාන වහයෙන්ම ද්‍රව්‍යයේ ආවේගයක, අති ප්‍රධාන ජීවගුණයක, ආතතියක, නැතහොත් යාකොබ් බේමෙගේ වචනයක් යොදතොත් "ද්‍රව්‍යයේ සංවේදනා" ("Qual"- මෙය වචන වල ද්‍රර්ශණිකමය බෙදීමකි "Qual" වචනයේ පරිසමාපත්තියෙන්ම ගත් කළ යම් කිසි ක්‍රියාවක් කෙරෙහි පොළඹවන සංවේදනය වේදනාව යන අර්ථය ලැබේ. ඒ අතරම ගුඩ දර්ශනවාදියෙක් වු බේමෙ එම ජර්මන් වචනයට ලතින් වචනයක් වන qualias -ගුණය- නැමති වචනයෙන්ද යමක් එකතු කරයි. ඔහුගේ ("Qual") වචනයෙන් අදහස් වන්නේ බාහිරව ගෙන දෙන වේදනාවක් නොව වස්තුන්ගෙත් සම්බන්ධතාවය නතමහාත් පෞද්ගලකත්වයේත් ස්වයං සංවර්ධනයෙන් පැන නගින ක්‍රියාකාරී ආරම්භය ය.) ආකාරයේ චලිතයද එයට ඇතුලත්ය.

ද්‍රව්‍යවාදයේ ප්‍රථම නිර්මාණකයා වු බේකන්ගේ දර්ශනයෙහි වුවද ද්‍රව්‍යවාදයේ ප්‍රථම නිර්මාණකයා වු බේකන්ගේ දර්ශනයෙහි වුවද ද්‍රව්‍යවාදයේ විවිධ පාර්ශවීය සංවර්ධනයක බීජ අන්තර්ගතවීය. එක් අතකින් ඉන්ද්‍රිය බද්ධ, කාව්‍යමය ස්වභාවයේ අලංකාරයෙන් වටවී තිබෙන ද්‍රව්‍ය, මෝහනීය සිනා රැලිවලින් මිනිසාගේ සමස්ත සර්වාංගයම එය වෙත ඇද ගනී. අනිත් අතට, වියත් භාෂිතයෙන් ගොතා ඉදිරිපත් කර ඇති ධර්මය, දේව ධර්මයෙන් ආනයනය කරගත් අසංසන්දනීයතාවයන්ගෙන් ගහනය.

ද්‍රව්‍යවාදය තවදුරටත් පරිනාම වීමේදී එය ඒක-පාර්ශවීය ස්වභාවයක් ගත්තේය. බේකන්ගේ ද්‍රව්‍යවාදය අනුසන්ධාන කරන තැනැත්තේ හොබ්ස් ය. ඉන්ද්‍රිය සංවේදනා පදනම් කොටගත් ඥානය, එහි කාව්‍ය ස්වභාවී විකසිතය හැර දමා ගණිතාඥයාගේ වියුක්ත අත්දැකීම බවට පරිවර්තනය වෙයි. එහිදී ජ්‍යාමිතිය විද්‍යාවන්ගේ රැජිණ වශයෙන් ප්‍රකාශිත වේ. ද්‍රව්‍යවාදය මානව දුවේශයට එළඹෙයි. ද්‍රව්‍යවාදයේ පසමිතුරු, මානව ද්වේශී, ආවේශ රහිත අධ්‍යාත්මවාදයේ ජය භූමියේදීම එය පරාජය කර ජය ලැබීමට නම්, තමන්ගේම ාංශයට වධ දෙමින් දුෂ්කර ක්‍රියාවෙහි යෙදීමට ද්‍රව්‍යවාදයට සිදුවේ. ඒ අනුව එය ඉන්ද්‍රිය බද්ධ ස්වභාවයේ සිට බුද්ධිමය භුතාර්ථයක් බවට පත් වේ. එහෙත්, ඒ අනුවම, එය, බුද්ධියේ ස්වභාව ලක්ෂණ ගත් ප්‍රතිඵල ගැන නොතකාම සම්පුර්ණ සංසන්දනීයතාවයක් විකාශ කරගනී.

බේකන්ගේ අනුප්‍රාක්තිකා හැටියට, හොබ්ස් මෙසේ තර්ක කරයි. මුළු මිනිස් ඥනයම සැපයෙන්නේ ඉන්ද්‍රියන් විසින් නම් විට අපගේ සංකල්පයන් හා අදහස් යනු, ඒවායේ ඉන්ද්‍රිය බද්ධ ආකෘති සහ යථාර්ථ ලෝකයෙන් බාහිර අවතාර පමණක්ම වෙති. එයින් එකකට වැඩි ගණනකට එකම නාමයක් යෙදීමට හැකි වනු ඇත. නාමයන්ගේ නාම පවා තිබෙන්නට පුළුවන. එක් අතකින් අපගේ අදහස් සියල්ලම සංවේදනා ලෝකයෙන් සම්භව වන බව කියන අතරම වචනයක් යනු වචනයක් ඉක්මවා යන දෙයැකයයි නිතරම කීමද අපගේ ඉංද්‍රියයන් මගින් අප දැනගත්, ඒකතාවයක් වන සත්තාවන්ට අමතරව, පොදු ස්වභාවයේ සත්තාවන් පවතින බව කීමද ප්‍රතිවිරෝධයක් ලෙස හැගෙන්නට පුළුවන. දේහමය නොවන වස්තුවක් යනු දේහමය නොවන දෙයක් වැනිම විකාරයකි. දේහය, සත්තාව, වස්තුව යන සියල්ලම එකම යථාර්ථය හැදින්වීමට යොදන විවිධ වදන්ය. සිතන්නා වු ද්‍රව්‍යයෙන් සිතුවිල්ල වෙන් කිරීම කිසිසේත් කළ නොහැක්කකි. ලෝකයේ සිදු වෙමින් පවතින සියලු වෙනස්කම්වල උපස්ථරය ද්‍රව්‍යයයි. කෙළවරක් නොමැති එකතු කිරීමේ කියාද්‍රමයක යෙදීමෙහි අපගේ සිත සමත්යයි කියන්නේ නම් මිස අනන්ත යන වචනයෙහි අර්ථයක් නැත. අපගේ අපගේ සංජානයට හසුවන්නේ ද්‍රව්‍යමය වස්තුන් පමණක් වන හෙයින් දෙවියන්ගේ පැවැත්ම ගැන අපට කිසිවක් දනගත නොහැකිය. මගේ පැවැත්ම පමණක් ඒකාන්තය. සෑම මිනිස් අභිලාසයක්ම ආරම්භයක් සහ අවසානයක් ඇති යාන්ත්‍රික චලනයකි. ආවේගයට විෂය වන්නේ අප හොදයයි කියන වස්තුන්ය. මිනිසාත් ස්වභාව ධර්මයත් එක සමාන නීතිවලට යටත් වෙති. බලය හා නිදහස සර්ව සම වන්නේය.

"හොබ්ස් බේකන්ගේ දර්ශනය අනුසන්ධානය කළේය. එසේ වුවත් ඔහු එසේ කිරීමේදී බේකන්ගේ මුලික ප්‍රතිපත්තිය වන සියලු මිනිස් ඥනය සමභව වන්නේ සංවේදනා ලෝකයෙන්ය. යන්න ඔප්පු කිරීමට කරුණු ඉදිරිපත් නොකළේය. මෙය ඔප්පු කරන කරුණු සමපාදනය කළේ මිනිස් අවබෝධයේ ප්‍රභවය ගැන රචනය ලියු ලොක් ය.

බේකන්ගේ ද්‍රව්‍යවාදයෙහි වු ඊශ්වරවාදී10 බාධකයන් කොලින්ස්, ඩොඩ්වෙල්, කවර්ඩ් හාට්ලි සහ ප්‍රීස්ට්ලි විසින් බිද දමන ලදී. කුමන හෝ තත්වයක් යටතේ වුවද, දේවවාදය 11 නම් ආගම ඉවත ලීම පිණිස ප්‍රායෝගික ද්‍රව්‍යවාදීන්ට උපයෝගි කර ගත හැකි පහසු මාර්ගයකි."(මාක්ස් සහ එංගල්ස් “ශුද්ධ පවුල “ මයින්-නදී-බඩ- ෆ්රැන්ක්ෆර්ට්, 1845. පිටු 201-204 12)

නුතන ද්‍රව්‍යවාදයේ බිතාන්‍ය සම්භවය ගැන කාල් මාක්ස් ලියුවේ එබැවිනි. ඔහු ඉංග්‍රිසින්ගේ මුතුන්මිත්තන්ට දැක්වු එම ගෞරවය දැන් ඉංග්‍රින්ට සුමිහිරි නොවේ නම් එය වඩාත් කණගාටුවට හේතුවකි.

දහ අටවැනි ශතවර්ෂයේදී ජර්මානුන් සහ ඉංග්‍රිසින් විසින් ප්‍රංශුවන් ගොඩ සහ මුහුදු සටන්වලින් පරාජය කර තිබියදීම, ඒ ශ්‍රෙෂ්ඨ ප්‍රංශ විප්ලවයටත් පෙර -- එංගලන්තය මෙන් ජර්මනියද තවමත් එහි ප්‍රතිඵලවලට හුරු පුරුදු වීමට වෙර දරයි - එය අති සම්භාවනීය ශතවර්ෂය බවට පත් කළ ඒ දීප්තිමත් ප්‍රංශ ද්‍රව්‍යවාදී ගුරැකුලයෙහි පීතෘවරයන් වුයේ බේකන්, හොබ්ස් සහ ලෝක් බව කිසිසේත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි.

මෙය ප්‍රතිෂේප කළ නොහැකිය.

එංගලන්තයේ නේවාසික වු වියත් විදේශිකයාට මෙම ශතවර්ෂයේ විමතිකාරී දෙයක් සේ පෙනී ගියේ වැදගත් ඉංග්‍රිසි මධ්‍යම පන්තිය ආගමික පටු කල්පනා කෙරෙහි තදින් එල්බ සිටින ආකාරය සහ එහි ආඥනකමය. එසේ නැතහොත් යටත් පිරිසෙයින් ඉතා දියුණු නිදහස් චින්තකයන්ගේ තත්වයට වත් පැමිණ සිටියෙමු. එනිසා එංගලන්තයේ උගත් මිනිසුන් සියලුදෙනාම පාහේ නේකාකාර නොසිදුවිය හැකි ප්‍රතිහාර්යන් ගැන විශ්වාස කිරීමත් බක්ලන්ඩ් සහ මැන්ටල් වැනි භූගර්භ විද්‍යාඥයින් පවා ඔවුන්ගේ විද්‍යාත්මක කරැනු උත්පත්ති කථා පොත සමග නොගැටෙන ආකාරයට සමාවෘත කිරීමත් ඇදහිය නොහැකි දෙයක් සේ අපට පෙනීගිය අතර ආගමික කරුණු සම්බන්ධයෙන් ස්වකීය කල්පනා ශක්තිය උපයෝගි කර ගැනීමට තරම් නිර්භීත මිනිසුන් සොයා ගැනීමට නම් අයෙකුට නූගත් ජනයා, නැතහොත් එකල ඔවුන් හදුන්වන ලද පරිදි "මහා අපිරිසිදු සමූහයා" ඕවන්වාදීන් අතරට යාමට සිදුවිය.

එහෙත් එවක් පටන් එංගලන්තය "ශිෂ්ඨාචාරව" පැවතුනි 1851 වර්ෂයේ ප්‍රදර්ශනය13 ඉංග්‍රීසින්ගේ පරිවරණක ස්වභාවය අවසන් කරන සීනුනාදය හැඩවීය. එංගලන්තය ආහාර ආචාර විධි සහ අදහස් විසින් ජාත්‍යන්තර බවට පත් විය. ය කොතරම් දුරට සිදුවීද යත් වෙනත් මහා දේශීය සිරිත් මෙහි පැතිර තිබෙන තරමට යම් යම් ඉංග්‍රීසීන් ආචාර විධි මෙහි පැතිර ගියේනම් මැනවයි මට හැගෙන්නට විය. කෙසේ හෝ වේවා සලාද තෙල් (1851 ට පෙර එය රදළ වංශිකයන් පමණක් දැනසිටි දෙයක් විය.) භාවිතය ආරම්භවීම සහ පැතිර යාමත් හා සමගම සමගාමීව ආගමික කාරණා විෂයෙහි මහා ද්වීපික සන්දේහවාදය දුස්සාධ්‍ය ලෙස පැතිර යාමක්ද සිදු විය. දැන් එය කොතෙක් දුර ගොස් තිබේද යත්, අඥෙයවාදය තවමත් එංගලන්ත සභා ආගම තරම් "හරිදෙය" බවට පත්ව නොතිබුණත් ය වැදගත්ක අනුව බලන ක බැප්ට්ස්ට්14 ආගම සමග සම මට්ටමට පැමිණ ඇති අතර නිශ්චිත වශයෙන්ම "ගැලවීමේ හමුද්‍රාවට"15 වඩා ඉහළින් සිටියි. මෙම තත්වයන් යටතේ ‍මෙම මිථ්‍යා දෘෂ්ටි‍යේ ඉදිරි ගමන ගැන අවංක ‍‍‍‍‍‍‍‍කණගාටු වන සහ එය හෙළා දකින බොහෝ දෙනෙකුට මෙම "නව පන්නයේ මති මතාන්තර" විදේශයේ උපන් ඒවා නොව, දෛනික භාවිතයට ගන්නා වෙනත් බොහෝ භාණ්ඩ මෙන් Made in Germany(ජර්මනි‍යේ සාදන ලද - සංස්කාරක) ඒවා නොවන බවත්, නිසැක වශයෙන්ම පැරණි ඉංග්‍රිසි ඒවා බවත් එමෙන්ම අවුරුදු දෙසීයකට ප්‍රථම එම එම අදහස්වල නිර්මාතෘවරයන් වු බ්‍රිතානීන් ඔවුන්ගේ පරම්පරාවෙන් දැන් පැවත එන්නන් යාමට තරම් එඩිතරවන දුරට වඩා බොහෝ දුර ගිය බවත් දැනගන්නට ලැබීම, අස්වැසිල්ලක් වනු ඇතැයි යන අදහස මා තුළ පැන නැගීම මට වැළැක්විය නොහැකිය.

ඇත්ත වශයෙන්ම, අඥෙයවාදය යනු - හොදින් අදහස ප්‍රකාශ වන සුලු ලැන්කෂයර් යෙදුමක් ගනිතොත් - "ලජ්ජාශීලි " ද්‍රව්‍යවාදය මිස වෙන කුමක්ද? ස්වභාව ධර්මය පිළිබදව අඥෙයවාදියා දරන සංකල්පය මුල පටන් අග දක්වාම ද්‍රව්‍යවාදීය. සමස්ත ස්වභාවික ලෝකයම නීතියකින් පාලනය වේ. එනිසා බැහැරින් කෙරෙන ක්‍රියා මගින් එයට මැදිහත් වීමට කිසිම ඉඩක් නැත. නමුත් අප දන්නා විශ්වයෙන් බ්බෙහි උත්තර සත්තාවක් පවතීද යන්න නිර්ණය කිරීමට හෝ, ය අසත්‍ය බව ඔප්පු කිරීමට හෝ මගක් අපට නැතැයි ඔහු තවදුරටත් පවසයි. ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥ ලාප්ලාස්ගේ "භූගෝලයේ යාන්ත්‍රිකමය ක්‍රියාකාරිත්වය පිළිබද සංග්‍රහයෙහි" මැවුම් කරැ ගැන සදහනක් වත් කර නොමැත්තේ මන්දැයි නැපෝලියන් ඔහුගෙන් විමසු කල ඔහු "Je n’avais pas besoin de cette hypothèse"(මට ඒ කල්‍පිතය අව‍ශ්‍ය නොවීය - සංස්කාරක) යනුවෙන් සාඩම්බර ලෙස පිළිතුරු දුන් කාලයට අඥෙයවාදියාගේ කියමන ප්‍රමාණවත් වු බව සිතිය හැක. නමුත් මේ කාලයේ විශ්වය පිළිබද වු අපගේ විප්ලවාදී සංකල්පයෙහි මැවුම් කරුවෙකුටවත් පාලකයෙකුටවත් කිසිම ඉඩක් නොමැත. පවත්නා සමස්ත ලෝක යෙන්ම පිටමං කර වසා තබන ලද උත්තර සත්තාවක් ගැන කථා කිරීම වචන අතර පරස් පරයක් වන හෙයින් එය ආගමික ජනයාගේ හැගීම්වලට කරන ත්‍යාගිවන්න නිග්‍රහයක්ද වේ.

තවද අපගේ සියලු ඥානය අපගේ ඉන්ද්‍රියන් විසින් අපට දෙනු ලබන තොරතුරු මත පදනම් වී තිබෙන බව අඥෙයවාදියා පිළිගනියි. නමුත් අප අපගේ ඉන්ද්‍රියන් මගින් සංජානික වස්තු පිළිබදව ඒවා අපට දන්වන තොරතුරු නිවරදිද යන්න අප දැනගන්නේ කෙසේද? යන පුශ්නයද ඔහු එකතු කරයි. නිසා හු වස්තු හා ඒවායේ ගුණාංග ගැන අදහස් නොකරන බවත් ඔහු අදහස් කරන්නේ ඒවා විසින් ඔහුගේ ඉන්ද්‍රියන් කෙරෙහි ඇති කරන ලද ඡායාවන් ගැන පමණක් බවත් ඔහු තවදුරටත් අපට කියයි. මෙහිදී හුදෙක් විවාදයෙන්ම පමණක් මෙම තර්කණ පිළිවෙල බිද දැමීම දුෂ්කර බව පෙනේ. නමුත් විවාදයට පෙර ක්‍රියාකාරීත්වය පැවතුනි. Im Anfang war die tat (ආරම්භයෙහි වූයේ ක්‍රියාවය - ග්‍යේතේගේ "ෆවුස්ත්", 1 පරිච්ඡෙදය, 3 දර්ශනය ‍- සංස්කාරක) මිනිස් ශුරත්වය විසින් මෙම දුෂ්කරතාවය නිර්මාණය කරනු ලැබීමට පෙර මිනිස් ක්‍රියාව එය විසදා තිබුණේය. පුඩි රසදැයි දැනගත හැක්කේ ය කෑ කලය. එසේම මෙම වස්තු තුළ අප දක්නා ගුණංගයන් අනුව ඒවා අපගේම පුයෝජනය පිළිබද අපගේ තක්සේරුවද වැරදි විය යුතුය. එනිසා අපගේ ප්‍රයත්නය අසාර්ථක විය යුතුය. නමුත් අපි අපගේ අරමුණ සපුරා ගැනීමෙහි සමත් වමු නම්, වස්තුව, අප ඒ සම්බන්ධයෙන් දරන අදහසට එකග වන බව අපට දක්නට ලැබේ නම් එමෙන්ම අප එයින් ඉටුකැගැනීමට බලාපොරොත්තු වු අරමුණ සඵල වේ නම්, එවිට, ය (වස්තුව) හා ගුණාංග පිළිබදව වු අපගේ සංජානනය අපෙන් බාහිරව පවතින යථාර්ථය හා සමග ඒතාක් දුරට ගැලපෙන බවට ය ස්ථීර සාක්ෂියක් වන්නේ ය. එමෙන්ම අප අසාර්ථකත්වය හා සමග මුහුණට මුහුණලා සිටින හැම අවස්තාවකදීම අප අසමත් කිරීමට හේතුවු කරුණ සාමාන්‍ය වශයෙන් වැඩි කලක් ගතවන්නට කලින්ම සොයා ගන්නෙමු. විට අපගේ ක්‍රියාවට පදනම කරගත් සංජානනය අසම්පුර්ණ හෝ මතුපිටට පමණක් සීමා වුවක් වන බව ‍හෝ එසේ නැතහොත්, එය, වෙනත් සංජානයනනයන් මගින් ලබාගත් ප්‍රතිඵල සමග, ඒවා ඉඩ නොදෙන ආකාරයකින් සම්බන්ධ කරගත් බව, එනම් අප කියන පරිදි, වරදි තර්කරණයක් අනුගමනය කළ බව හෝ, පෙනී යනු ඇත. පෙනී යනු ඇත. අපගේ ඉන්ද්‍රියයන් නිසි ලෙස පුහුණු කිරීමට හා උපයෝගි කර ගැනීමට අප සුපරීක්ෂාකාරී වන, එසේම, නිසි ලෙස ඇති කරගත් හා නිසි ලෙස උපයෝගි කරගත් සංජානනයන් විසින් නිර්දිෂ්ඨ සීමාවන් ඇතුලත අපගේ ක්‍රියාකාරීත්වය රදවා ගන්නා තාක් කල් අපගේ සංජානනයන් සංජානික වස්තුන්ගේ වාස්තවික ස්වභාවය සමග ගැලපෙන බව අපගේ ක්‍රියාවෙහි ප්‍රතිඵලවලින් ඔප්පු වනු ඇත. විද්‍යානුකූල ලෙස පාලනය කරනු ලබන අපගේ ඉන්ද්‍රීයානුසාරී සංජානනයන්, බාහිර ලෝකය සම්බන්ධයෙන් අපගේ සිත් තුළ ඇති වීමට පොළඹවන අදහස්, ඒවායේ ස්වභාවයෙන්ම යථාර්තයෙන් වෙනස්වන බව හෝ, එසේ නැතහොත්, බාහිර ලෝකයත්, ඒ පිළිබද අපගේ ඉන්ද්‍රීයානුසාරී සංජානනයන් අතර නෛසර්ගික අසංගතාවයක් පවතින බව හෝ, නිගමනය කිරීමට අප යොමු වුනු එකද අවස්ථාවක් වත් මෙතෙක් නොවීය.

නමුත්, ඉක්බිතිව නව කාන්ට්වාදී අඥෙයවාදීහු ඉදිරියට පැමිණ මෙසේ කියති. කිසියම් දෙයක ගුණාංග නිවරැදි ලෙස අපට සංජානනය කළ හැකි වන්නට පිළිවන, එහෙත් ඉන්ද්‍රිය ගෝචර හෝ මානසික හෝ ක්‍රියාදාමයක් මගින් අපට එම දෙය ඇති සැටියෙන්ම ග්‍රහණය කළ නොහැකිය. මෙම "ඇති සැටියෙන්ම වු දෙය" අපගේ ඥාන ක්ෂේත්‍රයෙන් ඔබ්බෙහි තිබෙන්නකි. ඉන් පසුව දැන් බො‍හෝ කලකට පෙර හේගල්, මෙසේ පිළිතුරු දී ඇත. ඔබ කිසියම් දෙයක ගුණාංග සියල්ලම දන්නෙහි නම් එවිට ඔබ ඒ දෙය ඇති සැටියෙන්ම දන්නෙහිය. එකි දෙය අපෙන් බාහිරව පවතින්නේය යන කරුණ හැර වෙනත් කිසිවක් ඉතිරි නොවන්නේය. ඔබගේ සංවේදයන් ඔබට මෙම කරැණද උගැන්වූ පසු, කාන්ට් ගේ චිර ප්‍රසිද්ධ "ding an sich"(ඇති සැටියෙන්ම වු දෙය ‍- සංස්කාරක) හි ඉතිරි අවසාන ශේෂයද ඔබ ග්‍රහණය කරගත්තා වන්නෙහිය. කාන්ට් ගේ කාලයේදී ස්වභාවික වස්තු ගැනවූ අපගේ ඥාණය ඇත්තෙන්ම ඉතාමත් අසම්පූර්ණ වූ හෙයින්, ඒ හැම වස්තුවක්ම ගැන අප දත් ස්වල්පය පිටුපස ගුප්ත "ඇතිසැටියෙන්ම වූ දෙයක්" වීයැයි කෙනෙකුට සැක සිතීමට බොහෝ ඉඩ තිබින එහෙත් මෙම ග්‍රහණය කළ නොහැකි දේවල් එකින් එක, විද්‍යාවේ යෝධ ප්‍රගතිය විසින් ග්‍රහණය කරනු ලැබ, විෂ්ලේෂණය කරනු ලැබ සහ ඊටත් වඩා ප්‍රජණනය කරනු ලැබ තිබේ. ඒ අනුව අප ප්‍රජණනයකර ඇති දෙය දැනගත නොහැකි දෙයක් සේ ඇත්තෙන්ම සැලකිය නොහැක. මෙම ශත වර්ෂයේ ප්‍රථම අර්ධයේ රසායන විද්‍යාවට කාබනික ද්‍රව්‍ය එවැනි ගුප්ත වස්තුන් විය. දැන්, අපි ඒවා එකින් එක, කාබනික ක්‍රියාදාමයන්ගේ ආධාරය නොමැතිව, ඒවායේ මූලද්‍රව්‍ය වලින් ගොඩනැගීමට උගෙනගන්නෙමු. කුමණ හෝ වස්තුවක් වුව රසායනික ඝටනාව දැනගත් වහාම එය එහි මූලද්‍රව්‍යන්ගෙන් තැනිය හැකි බව නූතන රසායනඥයෝ ප්‍රකාශ කරති. උසස්තම කාබනික ද්‍රව්‍ය වන ඇල්බියුමින දේහයන්ගේ ඝටනාව ගැන අප තවමත් දන්නේ ඉතා ස්වල්පයකි. එහෙත්, ශතවර්ෂාධික කාලයකින් පසුව හෝ වුව අප මෙම දැණුම ලබාගෙන, එයින් සන්නද්ධව, කෘතීම ඇල්බියුමන් සෑදීම නොකිරීමට හේතුවක් නැත. නමුත් අප එය ඉටුකළ කල්හි, අපි ඒ අතරම සත්ව ජීවය නිපදවූවෝ වන්නෙමු. මක්නිසාද යත්, ජීවයේ පහලම සිට ඉහලම දක්වා වූ ආකාරයන් නම්, ඇල්බියුමින දේහයන්ගේ පැවැත්මේ ආකාරය වන හෙයිනි.

කෙසේ හෝ වේවා, අපගේ අ‍ඥෙයවාදියා, මෙම විධි මාත්‍ර මානසික උපන්‍යශයන් දැක්වූ තැන් පටන් ඔහු කථාකරන්නේ සහ ක්‍රියා කරන්නේ ඔහු අභ්‍යන්තරයේ වන උග්‍ර ද්‍රව්‍යවාදියාගේ ස්වභාවයෙන්මය, අප දන්නා තරමින් ද්‍රව්‍ය හා චලිතය, නැතහොත් දැන් එය හදුන්වන ලබන පරිදි ශක්තිය ඇති කිරීමට හෝ නැති කිරීමට හෝ නොහැක. එහෙත් ඒවා කිසියම් කලකදී නොමවන ලදැයි ඔප්පු කිරීමට අපට සාධක නොමැත. එසේ වුවද, කිසියම් අවස්ථාවක, මෙම පිළිගැනීම ඔහුට විරැද්ධව පාවිච්චි කිරීමට උත්සාහ කළහොත්, ඔහු අප්‍රමාදව ඔබ උසාවියෙන් එලියට දමනු ඇත. අධ්‍යාත්මවාදයට16 ඉඩ තිබෙන බව ඔහු in abstracto (වියුක්ත ලෙස ‍- සංස්කාරක) පිළිගන්නේ නමුදු හේ in concreto (නියත ලෙස ‍- සංස්කාරක) ඒ හා සමග කිසිම සම්බන්ධයක් නොපවත්වයි. අප දන්නා දෙය නම්, ද්‍රව්‍යමය ලෝකය වෙනස් කළ නොහැකි නීති විසින් පාලනය වන බවයි. මේ ආදී වශයෙන් ඔහු කියනු ඇත. මේ අනුව, ඔහු විද්‍යාව ගරු කරන මිනිසෙක් වන තාක් දුරට, ඔහුට විද්‍යාවෙන් බාහිර වු, ඔහු කිසිත් නොදන්නා ක්ෂේත්‍රයන් පිළිබද ඔහුගේ නොදැනවත්කම ග්‍රික භාෂාවට පරිවර්ථනය කර එයට agnosticism (අඥෙයවාදය ‍- සංස්කාරක) යන නම තබයි.

කරැණු කෙසේ වුවත්, එකක් පැහැදිලිය. කිසියම් ලෙසකින් මා අඥෙයවාදියෙක්ව සිටියද, මෙම කුඩා පොතෙහි දළ වශයෙන් සටන් කර තිබෙන සංකල්පය "ඓතිහාසීය අඥෙයවාදය" යනුවෙන් නම් කිරීමට මට පුළුවන්කමක් නොතිබුණු බව පැහැදිලිය. එසේ කරන ලද නම් ආගමිකයන් මට සිනහ වනු ඇත. මා අඥෙයවාදීන්ට විහිළු කරන්නේ මන්දැ? යි ඔවුන් (අඥෙයවාදීන්) කෝපව මගෙන් අසනු ඇත. එනිසා සමාජයේ ආර්ථික සංවර්ධනයද නිෂ්පාදන සහ හුවමාරු ක්‍රමවල වෙනස් වීමද, සමාජයේ ආර්ථික සංවර්ධනයද නිෂ්පාදන සහ හුවමාරු කුමවල වෙනස් වීමද, ් අනුව සමාජය පැහැදිලි පංතිවලට බෙදීමද මෙම පංති අතර එකිනෙකට විරුද්ධ අරගලද විෂයෙහි වන වැදගත් මහා ගාමක බලය ගැන විමසන්නා වු, ඉතිහාස මාර්ගය පිළිබද දෘෂ්ටියට නම් තැබීම සදහා ඉංග්‍රිසි හා වෙනත් භාෂා කිපයකින්ම "ඓතිහාසීය ද්‍රව්‍යවාදය" යන වදන යෙදීම නිසා බ්‍රිතාන්‍ය නම්බුකාරකම වුවද පමණට වැඩිය නොකැළඹෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ඓතිහාසීය ද්‍රව්‍යවාදය බ්‍රිතාන්‍ය නම්බුකාරකමට පවා ප්‍රයෝජනවත් වන බව පෙන්වීම මට හැකි වේ නම් සමහර විට අප්‍රමාදවම මට මෙම අනුග්‍රහය ලැබෙනු ඇත. අවුරැදු හතලිහකට හෝ පණහකට පෙර එංගලන්තයේ නේවාසික වීමට ගිය ඕනෑම වියත් විදේශියෙකු විසින්, නම්බුකාර ඉංග්‍රිසි මධ්‍යම පන්තියේ පටු ආගමික කල්පනා සහ අඥනකම වශයෙන් නිසැකවම සැලකෙනු ඇති දෙය නිසා හු මවිත වී යයි මම ඉහත සදහන් කෙළෙමි. ඒ කාලයේ ඉංග්‍රිසි මධ්‍යම පංතිය බුද්ධිමත් විදේශිකයාට පෙනුනු තරමට සැබවින්ම අඥන නොවු බව මම දැන් ඔප්පු කරන්නට බලාපොරොත්තු වෙමි. එහි ආගමික නැඹුරු වීම් සහේතුක විය.

යුරෝපය මධ්‍යකාලීන සමය ගෙවා ඉන් මතු වන විට, එහි විප්ලවීය මූලිකාංගය සමන්විත වුයේ නැගී එන නාගරික මධ්‍යම පංතියෙනි. මධ්‍යකාලීන වැඩවසම් සංවිධානය තුළ එය පිළිගත් තත්වයක් දිනා ගෙන තිබුණ නමුත්, මෙම තත්වයද එහි ප්‍රසාරණීය බලයට අවශ්‍ය තරමට වඩා පටු විය. මධ්‍යම පංතියේ, එනම් ධනපති පංතියේ සංවර්ධනය වැඩවසම් කමය පවත්වා ගැනීම හා සමග අසංගත වු තත්වයක් මතු විය. එනිසා වැඩවසම් කුමයට ඇද වැටෙන්නට සිදුවිය.

එහෙත් වැඩවසම් කුමයේ මා ජාත්‍යාන්තර මධ්‍යස්ථානය වුයේ රෝමානු කතෝලික පල්ලියයි. වැඩවසම් බටහිර යුරෝපයේ අභ්‍යන්තර යුද්ධ සියල්ලක්ම ඇති වී තිබියදී එහි සම්පුර්ණයෙන්ම එකම මා දේශපාලන පද්ධතියක් වන සේත්, ආගම් භේදවාදී ග්‍රීක සාරධර්මිකවාදීන්ට ස එසේම මුසල්මාන රටවලටද ප්‍රතිපාක්ෂික වන සේත්, එය විසින් එක්සත් කරන ලදී. එය වැඩවසම් ආයතන දේව අභිෂේකයේ රශ්මි වළල්ලෙන් වට කොට සැරසුවේය. එය තමන්ගේ අධිපති මුඩුලුලද වැඩවසම් ආකෘතිය අනුව සංවිධානය කරගෙන තිබුණේය. අන්තිම වශයෙන් එය අන්හැමට වඩා ඉතාමත් බලවත් ඉඩම් හිමියාද විය. කතෝලික ලෝකයේ භූමි ප්‍රමාණයෙන් මුළු තුනෙන් කොටසක්ම යට අයත් විය. දුෂ්ට වැඩවසම් ක්‍රමයට, එක් රට තුළදී සහ අංගසම්පූර්ණ ලෙස සාර්ථක වශයෙන් පහර දීමට හැකි වන්නට පෙර, එහි ශුද්ධ මධ්‍යම සංවිධානය වන මෙය විනාශ කිරීම අවශ්‍ය විය.

තවද, මධ්‍යම පංතියේ නැගීමත් හා සමග සමාන්තර ලෙස විද්‍යාවේ මා පුනර්ජීවනයද ඉදිරියට ගියේය. තාරකා ශාස්ත්‍රය, යාන්ත්‍රික විද්‍යාව, භෞතික විද්‍යාව, ව්‍යුහ විද්‍යාව නැවතත් ප්‍රගුණ කරන ලදී. එමෙන්ම, ධනපති පංතියේ කාර්මික නිෂ්පාදනය සදහා ස්වාභාවික වස්තුන්ගේ භෞතික ගුණයන් සහ ස්වභාව ධර්මයේ බලවේගයන්ගේ ක්‍රියාකාර විධි ගැන නිර්ණය කරන විද්‍යාව එයට අවශ්‍ය විය. ඒ දක්වා විද්‍යාව පල්ලියේ අතවැසි සේවිකාවගේ තත්වයෙහි පසුවුනු බැවින් භක්තිය විවින් නියම කරන ලද සීමාවන් ඉක්ම වීමට එයට ඉඩ නොදෙන ලදී. ඒ හේතුකොටගෙන විද්‍යාව කිසි ‍සේත්ම විද්‍යාව නොවීය. විද්‍යාව පල්ලියට විරුද්ධව කැරලි ගැසීය. ධනපති පංතියට විද්‍යාව නැතිව බැරි විය. එනිසා එයද කැරැල්ලට එක් විය.

ඉහත දක්වන ලද කරුණුවලින් සදහන් වන්නේ නැගී එන මධ්‍යම පංතිය ස්ථාපිත ආගමට විරුද්ධව නොවැලැක්විය හැකි සේ ගැටීමට යොමු කරන අවස්ථා දෙකක් පමණක් ගැන වුවද, ප්‍රථමයෙන්ම රෝමානු පල්ලියේ රැවටිලිවලට විරුද්ධ වු අරගලය පිළිබද ප්‍රධාන කොටස ඉටු කළ පංතිය ධනපති පංතිය බවද, දෙවැනිව, එම වකවානුවේ වැඩවසම් ක්‍රමයට වරුද්ධව කරන සෑම අරගලයක්ම ආගමික වෙශයක් ගත යුතු වු බව හා ය ප්‍රථමයෙන්ම පල්ලියට විරුද්ධව එල්ල කළ යුතුව තිබුණු බවද පෙන්නුම් කිරීමට ඒ සෑහෙන්නේය. ප්‍රථමයෙන් විශ්විද්‍යාලවලින් සහ නාගරික වාණිජ සහ ව්‍යවසායික කොටස් අතරින් පැන නැගුනු මෙම රණ ඝෝෂාවට ග්‍රාමීය ජනතාවගෙන් නැත‍ෙහාත් ගොවි ජනතාවගෙන් අනිවාරණීය ලෙස බලවත් සහයෝගයක් ලැබුණු අතර එම ජනතාව ස්වකීය පැවැත්ම සදහා අරගලයක් කරමින්, තමන්ගේ පුජක හා ලෞකික රදළයන්ට විරැද්ධව සෑම තැනම පැතිරැණු දරණු අරගලයක් කළහ.

වැඩවසම් කමයට විරුද්ධව ධනපති පංතිය කළ දිර්ඝ මහා තීරණාත්මක සංග්‍රාම තුනක් මගින් උච්ඡ අවස්ථාවට පත්විය. ඉන් පළමුවැන්න ජර්මනියේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිශංස්කරණය යනුවෙන් හදුන්වන ලද ඒකය. පල්ලියට විරුද්ධව ලූතර් නැංවු රණ ඝෝසාවට ප්‍රතිචාර වශයෙන් දේශපාලන ස්වභාවයේ කැරලි දෙකක් ඇති විය. ඉන් පළමුවැන්න ෆාන්ස් ෆෝන් සිකින්ගන්ගේ නායකත්වය යටතේ (1523) ඇති වු පහළ වංශවතුන්ගේ කැරැල්ලය. අනික 1525 වර්ෂයේ මහා ගොවිජන යුද්ධය ය. ඒ දෙකම පරාජය විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වුයේ, ඒ සදහා වැඩිම උනන්දුවක් දැක්වු පාර්ශවයන්, එනම් නගරවල වු නාගරිකයන්ගේ අතීරණය ය. එම අතීරණයට හේතු වු කරුණු සෙවීමට අපට මෙහිදී යොමු විය නොහැකිය. එතැන් පටන් ප්‍රාදේශීය කුමාර වරුන් හා මධ්‍යම ආණ්ඩු බලය අතර සටනක තත්වයට පහත වැටුනු ම අරගලය කෙළවර වුයේ යුරෝපයේ දේශපාලන වශයෙන් ක්‍රියාකාරී වු ජාතීන් අතරින් ජර්මනිය අවුරුදු දෙසීයයක කාලයකට පිටමං කිරීමෙනි. ලූතර්වාදී ප්‍රතිසංස්කරණයෙන් සැබවින්ම අළුත් ලබ්ධියක් බිහි විය. එය ඒකාධිපති රාජාණ්ඩුවට ගලපන ලද ආගමක් විය. ඊසානදිග ජර්මනියේ ගොවි ජනයා ලූතර්වාදය වැළද ගත් වහාම ඔවුන් නිදහස් මිනිසුන්ගේ තත්වයේ සිට ප්‍රවේණිද්‍රාස තත්වයට ඇද වැටුනේය.

නමුත් ලූතර් අසමර්ථ වූ තැන කාල්වින් ජය ගත්තේය. කාල්වින් ගේ ලබ්ධිය ඔහුගේ කාලයේ එඩිතරතම ධනපති පංතියට සුදුසුවූවකි. ඔහුගේ පූර්ව ඉරනම් ධර්මය පිළිබිඹු කල මතය වූයේ තරගකාරී වාණිජ ලෝකයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රදාපවතින්නේ මිනිසාගේ ක්‍රියාකාරිත්වය හෝ දක්ෂකම් අනුව නොව, ඔහු විසින් පාලනය කරනු නොලබන තත්වයන් මතය යන්නය. එය අනුව වැදගත් වන්නේ තීරණය කරන්නා හෝ ක්‍රියා කරන්නා හෝ නොව හදුනා නොගත් උසස් ආර්ථික බලවේගයන්ගේ කැමැත්තය. පැරනි වානිජ ගමන්මාර්ග සහ මධ්‍යස්ථාන වෙනුවට අලුත් මාර්ග සහ මධ්‍යස්ථාන ආදේශ කල, ඉන්දියාව සහ ඇමරිකාව ලෝකයා හමුවේ විවෘත්ත කල ඉතාමත් විශ්වාසවත් ශුද්ධ ආර්ථික භාණ්ඩවූ රන් හා රිදී වල පවා අගය හෙල්ලුම්කා ඇද වැටෙන්නට පටන්ගත්, ආර්ථික විප්ලවයක කාල පරිච්ඡේදයෙහිදී මෙම දහම විශේෂයෙන්ම සත්‍යය විය. කාල්වින්ගේ පල්ලි ව්‍යවස්ථාව ඉතාමත් ප්‍රජාතත්ත්‍රවාදී සහ සමූහාණ්ඩුවාදී විය. ඒ අනුව දෙවියන් ගේ රාජධාණිය සමූහාණ්ඩු කරණයට පත් කරන ලද කල මෙම ලෝකයේ රාජධාණිවලට රජවරැන් බිෂෝප් වරැන් සහ සාමි වරැන් යටතේ පැවතිය හැකිද? ලූතර්වාදය කුමාර වරුන් අතට පත් ඔවුන්ට කැමැත්තෙන් සේවය කරන උපකරණයක් බවට පත් වු අතර කාල්වින්වාදය ඕලන්දයේ සමූහාණ්ඩුවක් පිහිටෙව්වේය. එමෙන්ම එංගලන්තයේ සහ විශේෂයෙන්ම ස්කොට්ලන්තයේද ක්‍රියාශීලි සමූහාණ්ඩුවාදී පක්ෂ පිහිටෙව්වේය.

ධනපති පංතියේ දෙවැනි මහා උත්ක්ෂේපණයට අවශ්‍ය ධර්මය කාල්වින්වාදය විසින් සාද්‍රා නිම කළ තත්වයෙන් සැපයින. මෙම උත්ක්ෂේපණය ඇති වුයේ එංගලන්තයෙහි ය. නගරවල මධ්‍යම පංතිය එය අවුස්සා ලූ අතර ගම්බද දිස්ත්‍රික්කවල ගොවිජන සේනා සටන කළහ. අරුමයකට මෙන්, මහා ධනපති කැරලි තුනෙහිම සටන කළ යුතු හමුද්‍රාව සපයන ලද්දේ ගොවි ජනතාව විසින් වන අතර ජයග්‍රහණය අත්පත් කරගත් පසු එම ජයග්‍රණයේ පුතිඵලවලින් ඉතාමත් නිසැක ලෙස අ‍ාර්ථික වහයෙන් විනාශයට පත් වු පංතිය වුයේද එම ගොවි ජනතාවමය. ක්‍රොම්වෙල්ගේකාලයෙන් අවුරැදු සියයකට පසුව එංගලන්තයේ ගොවිජනයා අතුරුදහන් වු තරම් තත්වයක් විය. කෙසේ හෝ වේවා එම ගොවි ජනතාව හා නාගරික සාමාන්‍ය ජන කොටස් නොසිටින්නට ධනපති පංතිය තනිවම එම සටන අන්තිම අවසානය දක්වා කිරීම ‍ෝ පළමුවැනි චාල්ස් රජු පෝරකයට නැංවීම හෝ කිසි කලෙක් සිදු නොවන්නට තිබුණි. ඒ කාලයේදී නෙලා ගැනීමට තරම් පැසී තිබුණු එම ධනපති ජයග්‍රහණයන් පවා තහවුරැ කර ගැනීම පිණිස, විප්ලවය තවත් සෑහෙන දුරක් ඉදිරියට, නම්, හරියටම 1793 දී ප්‍රංශයේ හා 1848 දී ජර්මනියේ සිදු වු ලෙස ඉදිරියට, ගෙන යාමට සිදු විය. මෙය ඇත්ත වශයෙන්ම, ධනපති සමාජයේ පරිනාමයෙහි එක නියාමයක් බව පෙනේ.

මෙසේ විප්ලව ක්‍රියාකාරීත්වයේ අතිරික්තයක් ඇති වු තැන නොවැලැකිවිය හැකි ලෙසටම පතිගාමීත්වය ක්‍රියාත්මක වී යද ස්වකීය පැවැත්ම කර ගෙන යා හැකි තත්වය ඉක්මවා ඉන් ඔබ්බට ගියේය. එහා මෙහා පැද්දීම් මාලාවකින් පසුව අන්තිමෙදී නව ගුරැත්වාකර්ෂණ කේන්ද්‍රය සොයා ගන්නා ලදින් එය අළුත් ආරම්භක ස්ථානයක් වුයේය. "මහා කැරැල්ල" යන නමින් නම්බුකාරයන්ගේ ගරු සැලකිල්ට ලක් වු ඉංග්‍රිසි ඉතිහාසයේ ඒ උදාර කාල පරිඡේදය ා ඒ අනුගාමි අරගලද කොළවර වුයේ "කීර්තිමත් විප්ලවය"17 යනුවෙන් ලිබරල් ඉතිහාසඥයන් විසින් හදුන්වන ලද සංසන්දනීය වශයෙන් ඉතාමත් සුළු සිද්ධියකිනි.

අළුත් ආරම්භක ස්ථානය වුයේ නැගී එන මධ්‍යම පංතිය සහ කලින් රදළ ඉඩම් හිමියන් වුවන් අතර බේරූම් කර ගැනීමකි. මින් පසු කී කොටස එකල මෙන්ම දැනටද වංශවතුන් යනුවෙන් හදුන්වනු ලැබූහ දැන් බොහෝ කලක සිට රාජධානියේ ප්‍රථම ධනපතියන් වීමේ එනම් ඊට බොහෝ කලකට පසු ප්‍රංශයේ ලුවිෆිලිප් එළැබුනු තැනට පැමිණිමේ මාර්ගයට පිවිස සිටියහ. එංගලන්තයේ වාසනාවට මෙන් රෝසමල් යුද්ධ 18 වලදි පැරණි පවුල්වල උරුමක්කාරයන් වු නමුත් ඔවුන් පෙළපත් පිළිවෙළෙන් කොතරම් දුරට බැහැරවීද යත් ඔවුන් රදළ ප්‍රවණතාවයන්ට වඩා ධනපති ප්‍රවණතා වයන් ඇති අළුත්ම පිරිසක් විය. ඔවුහු මුදලේ අගය මැනවින් දැන සිටියහ. එනිසා අප්‍රමාදව සිය ගණන් සුළු ගොවියන් එළවා දමමින් ඔවුන් වෙනුවට බැටළුවන් ආදේශ කිරීම තුළින් ඔවුන්ගේ බදු වැඩි කර ගත්හ. පල්ලි ඉඩම් අන්සතු කළ අටවැනි හෙන්රි තොග පිටින් අළුත් ධනපති ඉඩම් හිමියන් ඇති කළේය දහහත්වැනි ශතවර්ෂය මුළුල්ලේම බුදල් අතිවිශාල සංඛ්‍යාවක් රාජ්‍ය සන්තක කර ඒවා සම්පූර්ණයෙන්ම නැතහොත් සංසන්දනීය වශයෙන් අළුත් බලවතුන්ට ප්‍රධානය කිරීමෙන් ඇති වුයේද එම ප්‍රතිඵලමය. ඒ අනුව හත්වැනි හෙන්රිගෙන් පසු කාලයේ "වංශවතුන්" කාර්මික නිෂ්පාදනයේ සංවර්ධනයට කිසිසේත් පුතිවිරුද්ධ නොවු අතර එයින් වක්‍ර ආකාරයෙන් ලාභ ප්‍රයෝජන ලැබීමට යොමු වුහ. නිසා දේශපාලන හා ආර්ථික හේතු පදනම් කරගෙන මුල්‍ය සහ කාර්මික ධනපති පංතියේ නායක පුද්ගලයන් සමග සහයෝගිව කටයුතු කිරීමට කැමැත්ත දැක්වු විශාල ඉඩම් හිමි කොටසක් නිතරම සිටියේය. එනිසාම 1689 වර්ෂයේ බේරුම් කර ගැනීම පහසුවෙන්ම ඇති කරගන්නා ලදී. මුල්‍ය කාර්මික සහ වාණිජ මධ්‍යම පංතියේ උවමනාවන් සෑහෙන තරම් ඉටු වු පසු මුදල් හා තනතුරැ පිළිබද දේශපාලන කොල්ලයේ වාසි ලබාගැනීම සදහා මහා ඉඩම් හිමි පවුල්වලට අවස්ථාව සලසන ලදී. මෙම මධ්‍යම පංති ආර්ථික බලවෙගයෝ එවකට ජාතියේ පොදු ප්‍රතිපත්තිය තීරණය කිරීමට තරම් බලවත් වුහ. නොවැදගත් කරුණු ගැන ආරවුල් තිබෙන්නට ඉඩ තිබුණත් සමස්තයක් සේ ගත් කල තමන්ගේ ආර්ථික සමෘධිය කාර්මික හා වාණිජ මධ්‍යම පංතියේ සමෘධිය සමග වෙන් නොකළ හැකි සේ ්කාබද්ධව තිබෙන බව වංශාධිපති කතිපයාධිපතිත්වය ඉතා ‍ෙහාදින් දැන සිටියේය.

ඒ කාලයේ පටන් ධනපති පංතිය එංගලන්තයේ පාලක පංතිවල වෙනත් කොටස් සමග එක් වී ජාතියේ ‍ශ්‍රේෂ්ඨ වැඩකරන පොදු ජනයා යටත් කර තබා ගැනී‍මේ පොදු උවමනාවක් එයට තිබිණ. වෙළෙදා හෝ කර්මාන්ත කරුවා තමන්ම සේව්‍යයාගේ තැන ගත්තේය. නැතහොත් මෑතක් වනතෙක් කියන ලද පරිදි ඔහුගේ ලිපිකරුවන්ගේ, වැඩකරැවන්ගේ සහ ගෟහ සහ ගෘහ සේවකයන්ගේ "ස්වභාවික සේව්‍යයා" වුයේය. ඔහුගේ උවමනාව වුයේ වුන්ගෙන් හැකි තරම් වැඩියෙන් සහ හැකි තරම් හොදට වැඩ කරවා ගැනීමයි. මෙම අරමුණ ඉටු කර ගත යුතු විය. ඔහු ආගම භක්තිය ඇත්තක් විය. රජුටත් ස්වාමි වරැන්ටත් විරුද්ධව සටන් කිරීම සදහා ඔහු විසින් පෙරටු කොට ගන්නා ලද ධජය සැපයුනේ ඔහුගේ ආගමෙනි. ඔහුගේ ස්වභාවික යටත් සේවකයන්ගේ සිත් සකස් කිරී පිණිසද එම සේවකයන්ට ඉහළින් දෙවියන් විසින්, දේව කැමැත්ත අනුව සිටුවන ලද සේව්‍යයන්ගේ නියමයන්ට ඔවුන් කීකරු කරනු පිණිසද මෙම ආගමෙන්ම සැලසෙන අවස්ථා ගැන දැන ගැනීමට ඔහුටවැඩි කලක් ගත නොවීය. කොටින් කියතොත් "පහළ පංති" නැතහොත් ජාතියේ ශ්‍රෙෂ්ඨ නිෂ්පාදක පොදුජනතාව යට කර තැබීමේ කාර්යයට හවුල්වීමට බ්‍රිතාන්‍ය ධනපති පංතියට දැන් සිදුවිය. එම කාර්යය සදහා උපයෝගි කර ගන්නා ලද එක මාර්ගයක් වුයේ ආගමික බල පෑමයි.

ධනපති පංතියේ ආගමික නැඹුරු විම් ශක්තිමත් වීමට ආධාරකාරී වු තවත් කරැණක් විය. එය නම් එංගලන්තය තුල ද්‍රව්‍යවාදයේ නැගීමය. මෙම නව ධර්මය මධ්‍යම පංතියේ ධාර්මික හැගීම් කලඹා ලූයේය. එපමණක් නොව ධනපති පංතිය ඇතුළු නූගත් පොදු ංනතාවන්ට සෑහෙන ආගමට විසංසන්දය වන එය තමන් විශාරදයින්ට හා වියතුන්ට පමණක් සුදුසු වන දර්ශනයක් බව නිවේදනය කළේය. රාජකීය පරමාධිකාරියේ සහ සර්වබලධාරීත්වයේ ආරක්ෂකයෙකු ලෙස එය හොබ්ස් සමග වේදිකාවට නැංගේය. Puer robusus sed malitiosus (හැඩි දැඩි, එහෙත්, ද්වේශ සහගත කොල්ලා - සංස්කාරක) නම් ජනතාව මර්දනය කර තබන ලෙස ය ඒකාධිපති රාජාණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම හෝබ්ස්ගේ අනුප්‍රාප්තිකයන්ද බොලිංබ්‍රෝක් ශාෆ්ප්ට්ස්බරි, ආදීන්ද ඉදිරිපත් කළ ද්‍රව්‍යවාදයේ නව දේවවාදී ආකාරය වංහාධිපතියන්ගේ ගුඨ ධර්මයක්ව පැවති අතර එහි මිථ්‍යා දෘෂ්ටියත්, ධනපති විරෝධි දේශපාලන සම්බන්ධකමුත් යන දෙකම නිසා එය මාධ්‍ය පංතියේ වෛරයට ලක් විය. ස්ටුවාට් වරුන්ට විරුද්ධව කළ සටනේ ධජය සහ සටන්කාරී සේනාංකය සැපයු ඒ ප්‍රොතෙස්තන්ත නිකායයන්ම වංශාධිපතියන්ගේ ද්‍රව්‍යවාදයට සහ දේවවාදයට විරුද්ධව මධ්‍යම පංතිය කරන අරගලයේදී ඒ අනුව තවදුරටත් එහි ප්‍රධාන ශක්තිය වුයේය. එසේම අද පවා "මහා ලිබරල් පක්ෂයේ" කොදුනාරටිය වන්නේද එම නිකායයන්මය.

ඒ අතර ද්‍රව්‍යවාදය එංගලන්තයෙන් ප්‍රංශයට සංක්‍රමණය විය හිදී එය දරිශනවාදීන්ගේ තවත් ද්‍රව්‍යවාදී ගුරුකුලයක් වු කාර්ටෙසියන්වාදයේ19 නිකායක් සමග ඒකාබද්ධ විය. ප්‍රංශයෙහිදී ද එය ප්‍රථමයෙන් තනිකරම වංහාධිපතියන්ගේ ධර්මයක් වශයෙන් පැවතුනි. හෙත් කල් නොයවාම එහි විප්ලවාදී ස්වභාවය තහවුරැ විය. ප්‍රංශ ද්‍රව්‍යවාදීහු ඔවුන්ගේ විවේචනයන් ආගමික විශ්වාසයන් පිළිබද කරුණුවලට පමණක් සීමා නොකළහ. ඔවුහු ඔවුන්ට හමුවු විද්‍යාත්මක ප්‍රවණතාවයන් නැතහොත් දේශපාලන ආයතනයන් සියල්ලම කෙරෙහි එය වයාප්ත කළහ. වුන්ගේ ධර්මය විශ්වීය වශයෙන් ගැලපෙනබවට කියන ලද අයිතිවාසිකම ඔප්පු කිරීම පිණිස කෙටිම මාර්ගය ගත් ඔවුහු යෝධ කෘතියක් මගින් එම ධර්මය, ඥාණය පිළිබද සියලු විෂයයන්ට ගැලපීමේ නිර්භීත පියවර ගත් "විශ්ව කෝෂය" යන එම කෘතියේ නම අනුව ඔවුනට නම් තබන ලදී.20 ම තත්වයන් යටතේ එම ධර්මයේ දෙ ආකාරයෙන් -- ඒකාන්ත ද්‍රව්‍යවාදය ‍හෝ දේවවාදය -- එකක් මගින් එය ප්‍රංශයේ මුළු උගත් තරුණ පරපුරෙහිම ලබ්ධිය බවට පත්විය. එය කොතරම් දුර ගියේද යත් මහා විප්ලවය ආරම්භ වු අවස්ථාවේදී ප්‍රංශ සමූහාණ්ඩුවාදීන්ගේ සහ ත්‍රස්තවාදීන්ගේ න්‍යායික ධජය බවට පත් වුයේ ඉංග්‍රිසි රාජ පාක්ෂිකයින් විසින් ගොතන ලද ඒ ධර්මයයි. "මිනිසාගේ අයිතිවාසිකම් ප්‍රකාශනය"21 සදහා පෙළ සැපයුනේ එයිනි.

ප්‍රංශ මහා විප්ලවය ධනපති පංතියේ තුන්වැනි කැරැල්ල විය. එහෙත් ආගමික කඩතුරාව සම්පූර්ණයෙන්ම ඉවත ලා විවෘත දේශපාලන ප්‍රතිපත්ති මත සටන මෙහෙයවන ලද ප්‍රථම කැරැල්ල එය විය. සටන් අවතීර්ණ එක ප්‍රතිමල්ලයෙක්, නම් වංශාධිපතිත්වය විනාශවන තෙක් හා අනිත් ප්‍රතිමල්ලයාගේ, එනම් ධනපති පංතියේ සම්පූර්ණ ජයග්‍රහණය දක්වාම සැබවින්ම සටන කරන ලද ප්‍රථම කැරැල්ලද එයම විය. එංගලන්තයේ විප්ලව-පූර්ව සහ පශ්චාත් විප්ලව ආතන තවදුරටත් පවත්වා ගැනීම සහ ඉඩම් හිමියන් සහ ධනපතියන් අතර ඇති කරගත් බේරුම් කර ගැනීම අධිකරණමය පූර්ව නිදර්ශන සහ නීතියේ වැඩවසම් ස්වරෑප ආගමික වශයෙන් රැක ගැනීම තුළින් ප්‍රකාශිත විය. ප්‍රංශයෙහි විප්ලවය අතීතයේ සම්පද්‍රායන් කෙරෙන් සම්පූර්ණයෙන්ම බිදී වෙන් විමක් විය. වැඩවසම් ක්‍රමයෙන් අවශේෂ වු සියල්ල අන්තිම අවසානය දක්වා ඉවත ලූ ය Code civil22 සංග්‍රය නිර්මාණය කළේය. වෙළද භාණ්ඩ නිෂ්පාදනය යනුවෙන් මාක්ස් විසින් විස්තර කරන ලද ආර්ථික අවධියට, නැතහොත්, නූතන ධනපති කොන්දේසිවලට අද්‍රාළ වන නෛතික සම්බන්ධකම් පිළිබද සර්ව සම්පූර්ණ යයි කිව හැකි තරමේ ප්‍රකාශනයක් වන රෝම නීතිය විශාරද ලෙසින් ගලපා ගැනීමක් ම නීති සංග්‍රහය මගින් කෙරින. එම විප්ලවාදී ප්‍රංශ නීති සංග්‍රහය කොතරම් නම් විශාරද ලෙස සකස් කර ිබේද යත්, එය එංගලන්තය ඇතුළු සියලුම රටවල දේපළ පිළිබද නීති ප්‍රතිසංස්කරණ සදහා ආදර්ශයක් වශයෙන් මේ දක්වාම ගනු ලැබේ. එසේ වුවද, ඉංග්‍රිසි භාෂාවේ අක්ෂර වින්‍යාසය එහි ශබ්ද උච්ඡාරණයට ගැලපෙන්නා සේම - Vous écrivez Londres et vous prononcez Constantinople (ඹබ ලන්ඩන් යන්න ලියා කොන්ස්තන්තිනෝපල් යනුවෙන් උච්ඡාරනය කරන්නෙහිය - සංස්කාරක) යයි ප්‍රංශ ජාතිකයෙක් කීය. - ප්‍රකාශිත දෙයට ගැලපෙන ඒ මිලේච්ඡ වැඩවසම් භාෂාවෙන් තවදුරටත් ධනපති සම්බන්ධකම් ප්‍රකාශ කරන්නේ වී නමුත් ඒකාධිපති රාජාණ්ඩු කාලයේ යුරෝපා මහා දේශයෙන් අතුරුදහන්ව ගිය හා තවමත් කිසිම දේශයක පුනුරැත්ථාපනය කර නොමැති පැරණි ජර්මානු පෞද්ගලික නිදහසේ, ප්‍රාදේශීය ස්වයං පාලනයේ සහ අධිකරණමය උසාවි මගින් හැර වෙනත් ආකාරයේ වු ඇගිලිගැසීම් වලින් තොර ස්වාධීනත්වයේ හොදම කොටස කාලාන්තරයක් තිස්සේ රැකගත්තා වූද, ඒවා ඇමරිකාවට හා යටත් විජිත වලට පතුරුවා හැරියා වූද, එකම නීතිය ඒ ඉංග්‍රීසි නීතියම බව අපි අමතක නොකළ යුත්තෙමු.

නැවතත් අපේ බිතාන්‍ය ධනපතියා වෙත ආපසු එමු. මහා දේශීය රාජාණ්ඩුවල ආධාරයද ඇතිව, ප්‍රංශ යටත් විජිත අත්පත් කර ගැනීමට, ප්‍රතිපාක්ෂික මුහුදු බලවතෙක් ලෙස පාන අන්තිම බොරු පන්කම් අවසානයක් කිරිමටත් ප්‍රංශ විප්ලවයෙන් ඔහුට ලැබුණේ මාහැගි අවස්ථාවකි. ඔහු එයට විරුද්ධව සටන් කිරීමට හේතුවු එක් කරුණක් එය යි. එම විප්ලවයේ වාරය ඔහුගේ ගති සිරිත්වලට බෙහෙවින් පටහැනි වීම තවත් කරුණකි. එහි "තුච්ඡ" ත්‍රස්තවාදය පමණක් නොව බ්‍රිතාන්‍ය ධනපතියා පුරුදුව සිටි ආචාර විධි ඔහුට උගඅන්වු ඔහුට මෝස්තර නිර්මාණය කර දුන් ස්වදේශයේ සාමය ආරක්ෂා කළ යුද්ධ හමුද්‍රාට සහ නාවුක හමුද්‍රාවට නිලධාරීන් සම්පාදනය කළ යටත් විජිත රටවල් අත්පත් කරගත් සහ අළුත් විදේශ වෙළද පොළවල් අත්පත් කරගත් ඔහුගේ වංශාධිපතියන් ගැන ඔහු කළ යුත්තේ කුමක්ද? ධනපති පංතියේ ප්‍රගතිශීලී අල්පතරයක්ද වු බව සැබවි. ඒ බේරුම්කර ගැනීමේදී ස්වකීය අයිතිවාසිකම් මනාසේ ආරක්ෂා කිරීමක් නොලද අල්පතරය ය. ප්‍රධාන වශයෙන් ධනවත් මධ්‍යම පංතියෙන් සමන්විත වු මෙම කොටස විප්ලවයට අනුකූලතාවය දැක්වුවද, ඔවුහු පාර්ලිමේන්තුව තුල බල රහිත වූහ.

මේ අනුව ද්‍රව්‍යවාදය ප්‍රංශ විප්ලවයේ ලබ්ධිය බවට පත් වු අත දෙවියන්ට බය ඉංග්‍රිසි ධනපතියා ඔහුගේ ආගම තවත් තර කොට බදා ගත්තේය. පොදු ජනතාවගේ ආගමික සහජාසය නැතිව ගිය තැන පැන නගින්නේ කුමක්ද යන්න යන්න පැරිසියේ අභිසේක ලත් ත්‍රස්තයෙන් ඔප්පු නොවුයේද? ප්‍රංශයේ සිට ද්‍රව්‍යවාදය තවතවත් රටවලට පැතිර යත්ම, එය ඒ සමාන ධර්ම ධාරාවන්ගෙන් විශේෂයෙන්ම ජර්මන් දර්ශනවාදයෙන් පෝෂණය වත්ම ද්‍රව්‍යවාදය හා නිදහස් චින්තනය මහා ද්වීපිත දේශයන්හි වියතෙකුට අවශ්‍ය සුදුසුකමක් බවට ඇත්ත වශයෙන්ම පත් වෙත්ම ඉංග්‍රිසි මධ්‍යම පංතිය එහි විවිධාකාර ආගමික ලබ්ධි කෙරෙහි තවත් තදින් එල්බ ගත්තේය. මෙම ලබ්ධි එකක් අනිකට වඩා වෙනස් විය හැකිය. එහෙත් ඒ සියල්ලම නිසැකවම ආගික ක්‍රිස්ත්‍රියානි ලබ්ධි විය.

විප්ලවය විසින් ප්‍රංශයේ ධනපති පංතියේ දේශපාලන විජයග්‍රණය සහතික කරනු ලබද්දී එංගලන්තයේ වටි ආක්රයිට් කාට්රයිට් ස වෙනත් අය කාර්මික විප්ලවයට මුල පිරූහ. එම කාර්මික විප්ලවය නිසා ආර්ථික ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය සම්පුර්ණයෙන්ම වෙනස් වුයේය. ඉඩම් හිමි වංශවතුන්ට වඩා සැලකිය යුතු තරම් වෙගයකින් ධනපති පංතියේ ධනය වැඩි වී ගියේය. ධනපති පංතිය තුළම වුවද කර්මාන්ත කරුවන් විසින් මුල්‍ය වංශාධිපතීන් බැංකු කරුවන් ආදීන් තවතවත් පසුබිමට තල්ලු කරන ලදී. 1689 වර්ෂයේ බේරැම් කර ගැනීම ධනපති පංතියට වාසි වන සේ ක්‍රමික වශයෙන් වෙනස් වීමෙන් පසුව වුවද එය එයට සම්බන්ධවු පාර්ශවකරුවන්ගේ සාපේක්ෂ ප්‍රතිස්ඨාවන්ට තවදුරටත් නොගැලපෙන තත්වයක් ඇති විය. එම පාර්ශවයන්ගේ ස්වභාවය පවා වෙනස් වී තිබුණේය. 1830 වර්ෂයේ ධනපති පංතිය කලින් ශතවර්ෂයේ ධනපති පංතියට වඩා බොහෝ වෙනස් විය. වංශාධිපතියන් වෙත තවමත් ඉතිරිව තිබුණු හා නව කාර්මික ධනපති පංතියේ උජාරු හිමිකම් පෑමට ප්‍රතිරෝධනය දැක්වීම සදහා යොදාගන්නා ලද දේශපාලන බලය නව ආර්ථික අවශ්‍යතාවයන් හා සමග අසංගතියට පත් වුයේ ය. වංශාධිපතියන්ට එරෙහිව නව අරගලයක් අවශ්‍ය විය. එය කෙළවර විය හැකිව තිබුනේ නව ආර්ථික බලවේගයේ ජයග්‍රහණයෙන් පමණකි. 1830 ප්‍රංශ විප්ලවයේ ආවේගය යටතේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පණත23 සම්මත කරන ලද්දේ ප්‍රතිරෝධය මධ්‍යයේ ය. එයින් ධනපති පංතියට පාර්ලිමේන්තුව තුළ බලවත් සහ පිළිගත් තත්වයක් ලැබුණේය. ඊළගට අවසාන වශයෙන් සහ නිශ්චිත වශයෙන් ඉඩම් හිමි වංහාධිපතියන් අභිබවා ධනපති පංතියට විශේෂයෙන්ම එහි ඉතාමත් ක්‍රියාකාරී කොටස වු කර්මාන්ත කරැවන්ට අදිපතිත්වය ලබා දෙමින් දාන්‍ය නීති24 අවලංගු කරන ලදී. මෙය ධනපති පංතියේ ශ්‍රෙෂ්ඨම ජයග්‍රහණය විය. කෙසේ හෝ වේවා තමන්ගේම තනි යහපත සදහා ය දිනාගත් අවසාන ජයග්‍රහණය වුයේ ද එයයි. ඉන් පසුව එය ලබා ගත් කුමන ජයග්‍රහණයකදී වුව එය ප්‍රථමයෙන් තම මිත්‍රයා වු එහෙත් කල් නොයවාම ප්‍රතිපාක්ෂික වුව එය ප්‍රථමයෙන් තම මිත්‍රයා වු එහෙත් කල් නොයවාම ප්‍රතිපාක්ෂික වු අළුත් සමාජ බලවේගයක් සමග බෙද්‍ර ගැනීමට ධනපති පංතියට සිදුවිය.

කාර්මික විප්ලවය විශාල කර්මාන්තකාර ධනපති පංතියක් ඇති කර තිබුණි. කාර්මික විප්ලවය කර්මාන්තයේ අංශයක් අංශයක් පාසා එහි ග්‍රහණය පැතිර වු අනුපාතය අුවම මෙම පංතියේ සංඛ්‍යාව ක්‍රමිකවශයෙන් වැඩී ගියේය. එම අනුපාතයෙන්ම එහි බලයද වැඩින. 1824 තරම් ඈත කාලයක වැඩ කර ජනයාගේ සමාගම් ඇති කිරීම තහනම් කරන පණත් අකමැත්තෙන්ම අවලංගු කිරීමට පාර්ලිමෙන්තුවට බල කිරීමෙන්25 මෙම බලයේ මහිමය ඔප්පු කරන ලදී. ප්‍රතිශංස්කරණ උද්ඝෝෂණයේදී ප්‍රතිසංස්කරණ පක්ෂයේ රැඩිකල් අංශය සමන්විත වුයේ වැඩකරන ජනයාගෙනි 1832 වර්ෂයේ පණතින් ඔවුනට ඡන්ද බලය නොදී පිටමං කර තබන ලදින් ඔවුන් තමන්ගේ ඉල්ලීම් මහජන ප්‍රඥප්තිය26 මගින් ඉදරිපත් කොට මහා ධනපති ධාන්‍ය නීති විරෝධි සංගමයට27 විරුද්ධව ස්වාධීන පක්ෂයක් වශයෙන් නූතන සමයේ ප්‍රථම වැඩකරන ජනතා පක්ෂය වන චාටිස්ට් පක්ෂය වශයෙන් සංවිධානය වූහ.

ඊළගට 1848 පෙබරවාරි සහ මාර්තු මහා ද්විපික විප්ලව ඇති විය. ඒවායේදී වැඩ කරන ජනතාව ඉතාමත් ප්‍රමුඛ කාර්ය කොටසක් ඉටු කළ අතර යටත් පිරිසෙයින් පැරීසියේදී පමණක් වත් ඔවුහු ධනපති සමාජයේ දෘෂ්ටි කෝණයෙන් පිළිගත නොහැකි වන ඉල්ලීම් ඉදිරිපත් කළහ. අනතුරැව ඊට විරැද්ධව පොදු ප්‍රතිචාරයක් ඇති විය. ප්‍රථයෙන්ම 1848 අප්‍රියෙල් 10 දින චාටිස්ට් වරැන්ගේ පරාජයද එම වර්ෂයේම ජුනි මාසයේදී පැරීසියේ වැඩ කරන ජනතා කැරැල්ල මර්දනය කිරීමද ඊළගට 1849 දී ඉතාලියේ හංගෙරියාවේ සහ දකුණු ජර්මනියේ මහා විනාශයන්ද අවසානයේ 1851 දෙසැම්බර් 2 වැනි දි පැරීසිය යටපත් කරමින් ලුවි බොනපාට් ජයග්‍රහණය අත්පත් කර ගැනීමද සිදුවිය. තාවකාලිකව හෝ වුව යළි යළිත් කරදර දෙන කම්කරු පංතිය එඩිය මැඩලන ලදී. එහෙත් ඒ මොන තරම් අලාභ හානි සහිතවද පොදු ජනතාව ආගමික හැගීමෙන් තබා ගැනීමේ අවශ්‍යතාවය ගැන බ්‍රිතන්‍ය ධනපතියාට කලින් අවබෝධ වී තිබිණි නම් මෙ අත්දැකිම් සියල්ලෙන්ම පසුව ඔහුට එම අවශ්‍යාතාවය කොතරම් වැඩියෙන් දැනී යා යුතුද? ඔහුගේ මහා දුවිපික සමානයන්ගේ විරිත්තීම ගැන නොතකා පහළ සමාජ පංතිය අතර ආගම් භක්තිය පැතිරවීම සදහා ඔහු අවුරුදුපතා දහස් ගණන් සහ දස දහස් ගණන් මුදල් වියදම් කළේයතමන් ගේම දේශීය ආගමික යන්ත්‍රයෙන් නොසැනසුන ඔහු ව්‍යාපාරයක් වශයෙන් ආගම සංවිධානය කිරීමෙහි විශිෂ්ටතම දක්ෂයා වු "බ්‍රදර් ජොනතන්ට"28 ආයාචනා කොට ඇමරිකාවෙන් පුනර්ජනනවාදය29, මූඩ්, සැන්කි සහ එවැන්නක් ආනයනය කරගත්තේය. එසේම "ගැලවීමේ හමුදාවේ" භයානක ආධාරයද ඔහු භාර ගත්තේය. ආදි ක්‍රිස්තියානි ආගමේ ප්‍රචාරයට පුනර්ජීවනයක් දෙන "ගැලවීමේ හමුදාව" දේව අනුග්‍රහධාරින් වශයෙන් දුප්පුතුන් වෙත ආයාචා කරන අතර ආදි ක්‍රිස්තියානි පංති විරෝධතාවයෙහි මුලිකාංයක් පෝෂණය කරන හෙයින් දැන් යට නොපැකිල මුදල් ආධාර දෙන පොහොසතුන්ට කිසියම් දිනක එයින් කරදරයක් වීමට ඉඩ තිබේ.

මධ්‍ය කාලීන යුගයේ රදළ වංශාධිපතියන් දේශපාලන බලය තනි අයිතිය අල්ලා ගෙන ‍සිටි ආකාරයෙන්ම යුරෝපීය රටවල් එකක්වත් යටත් පිරිසෙයින් කිසියම් කාලයකට පවා දේශපාලන බලය තනි අයිතියට අල්ලා ගෙන සිටි ආකාරයෙන්ම යුරෝපිය රටවල් කක්වත් යටත් පිරිසෙයින් කිසියම් කාලකට පවා දේශපාලන බලය තමන් සතු කර ගැනීමට ධනපති පංතියට නොහැකි වීම ඓතිහාසික සංවර්ධනයේ නීතියක් සේපොනේ වැඩවසම් ක්‍රමය සම්පූර්ණයෙන්ම අකා මකා දමන ලද ප්‍රංශයේ පවා ධනපති පංතිය සමස්තයක් වශයෙන් සම්පුර්ණ දේශපාලන බලය අල්ලාගෙන සිටියේ ඉතාමත් කෙටි කාල පරි‍ච්ඡේදතුළ පමණකි. ලුවි-ෆිලිප්ගේ පාලනය පැවති 1830 - 1848 කාලයේදී රාජධානිය ආණ්ඩු කළේ ධනපති පංතියෙන් ඉතා විශාල 1848-1851 සමස්ත ධනපති පංතියම ආන්ඩු කල නමුත් ඒ තුන්අවුරැද්දකට පමණකි. ඔවුන්ගේ අසමත්කම නිසා දෙවැනි අධිරාජ්‍යය බිද වැටුනේය. මුළු ධනපති පංතියම සමස්තයක් ලෙසට විසි අවුරුද්දකට වැඩි කාලයක් බලය අල්ලා ගෙන සිටියේ දැන් පවතින මෙම තුන්වැනි සමුහාණ්ඩුවේ පමණකි. ඔවුහු දැනටමත් පරිහානියේ ක්‍රියාශීලි ලක්ෂණ පෙන්වති. ධනපති පංතියේ කල්පවත්නා පාලනයක් පැතීමේ ඉඩ කඩ කිබුණේ වැඩවසම් ක්‍රමය නොදත් සහ සමාජය ආරම්භයේ පටන්ම ධනපති පදනමක් මත පටන්ගත් ඇමරිකාව වැනි රටවල පමණකි තවද ප්‍රංශයේ හා ඇමරිකාවේ පවා ධනපති පංතියේ අනුප්‍රාප්තිකයෝ එනම් වැඩ කරන ජනතාව දැනටමත් දොරට තට්ටු කරමින් සිටිති.

එංගලන්තයේ ධනපති පංතිය කිසි සලෙකත් තනි බලය නො දැරැවේය. 1832 ජයග්‍රහණය පවා ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ ඉඩම් හිමි වංශාධිපතියන්ගේ තනි අයිතියට ඉතිරි කළේය. ධනවත් මධ්‍ය පංතිය මෙයට සුවච ලෙස යටත් වීම ට වටහා ගත නොහැකි දෙයක් විය. මට එය වටහා ගත හැකි වුයේ මහා ලිබරල් කර්මාන්තකරු ඩබලිව් එ. ‍‍‍ෆොස්ටර් මහතා ප්‍රසිද්ධ කථාවක් කරමින් ඔහුගේ අත්දැකීම්වලින් උපුටා දක්වමින් යටත්පිරිසෙයින් ඉංග්‍රිස භාෂාව තරම්වත් ප්‍රංශ භාෂාව අවශ්‍ය වන සමාජයේ ඔහුට කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් ගැවසීමට සිදු වු විට ඔහු කොතරම් නම් චතික ස්වභාවයක් දැක්වුයේ දැයි කියා ලෝකයේ කල්ගෙවීමේ මාර්ගයක් වශයෙන් ප්‍රංශ භාෂාව උගෙන ගන්නා ලෙස ඔහු බ්රැඩ් ‍ෆෝඩ් හි තරැණයන්ට ආයචනා කළ කල්හිය! සත්‍ය කාරණය වුයේ එකල ඉංග්‍රිසි මධ්‍යම පංතිය නීතියක් වශයෙන්ම මෙන් සම්පුර්ණයෙන්ම නුගත් නවකයන් වු නිසා ව්‍යාපාරික තීක්ෂණභාවය විසින් පුරැදු පුහුනු කරන ලද පරිවරණක පටු ස්වභාවයට සහ පරිවරණක උඩගුකමට (ව්‍යාපාරික කටයුතුවලදී වුවද උඩගුකම සහ ජාතික උමතුව ඉතා දුර්වල උපදේශකයෙකි මේ මෑතක් වන තෙක්ම ඉංග්‍රිසි කර්මාන්ත කරැවා කල්පනා කළේ තමන්ගෙම භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් කථා කිරීම ඉංග්‍රිසි මිනිසාට අවනම්බුවක් බවය. එපමණක් නොව විදේශික "දුප්පත් යකුන්" එංගලන්තයේ පදංචි වීම සහ එමගින් ස්වකීය භාණ්ඩ විදේශයේ අලෙවි කිරිමේ කරදරය අඩු වීම එසේ නොවීට වඩා සුදුසු දෙයක් සේ සලකා එය එක්තරා ප්‍රමාණයට ආඩම්බරයට කරුණක් ලෙසද ඔහු සැලකීය. මෙම විදේශකයන් වැඩි වශයෙන්ම ජර්මානුන් වු බවත් ඔවුන් එමගින් බ්‍රිතන්‍ය විදේශ වෙළදාමෙහි ආනයනයෙහි සහ අපනයනයෙහි විශාල කොටසක් තමන්ගේ බලයට හසු කරගත් බවත් එනිසා ඉංග්‍රිසි ජාතිකයාගේ සෘජු විදේශ වෙළදාම සීමා වු බවත් එය යටත් විජිතවලට චීනයට එක්සත් ජනපදයට සහ දකුණු ඇමරිකාවට පමණක්ම මෙන් සීමා වු බවත් ඔහු කිසි කලෙකත් නොදිටීය. මෙම ජර්මානුන් ලෝකයේ සෑම තන්හිම සම්පූර්ණ වාණිජ ජනපද ජාලයක් සංවිධානය කළ විදේශවල ව වෙනත් ජර්මානුන් සමග වෙළදාම් කළ බවද ඔහු දුටුවේ නැත. නමුත් අවුරැදු හතළිහකට පමණ පෙර ජර්මනිය අපනයනය සදහා බරපතල ලෙස නිෂ්පාදනය පටන්ගත් කල ඇය ධන්‍ය අපනයන රටක තත්වයේ සිට ප්‍රථම පෙළේ කාර්මික රටක තත්වයට පරිවර්තනය වීම සදහා මෙම ජනපද පාලය ඇයට ඉතාමත් ප්‍රයෝජනවත් විය. අනතුරැව අවුරුදු දහයකට පමණ පෙර බියගත් බ්‍රිතාන්‍ය කර්මාන්ත කරුවා තමන්ගේ ගනුදෙනු කරුවන් එක් කොට තබා ගත නොහැක්කේ මන්ද යන්න විදේශවල සිටින ඔහුගේ තානාපති වරුන්ගෙන් සහ කොන්සල් වරුන්ගෙන් විමසීය. එයට ලැබුණු ඒකමතික පිළිතුර වුයේ මෙයයි. 1 - ඔබ ඔබගේ ගනුදෙනු කාරයාගේ බස ඉගෙන නොගන්නා නමුත් ඔහු ඔබේම භාෂාව කථා කළ යුතු යැයි ඔබ අපේක්ෂා කරන්නෙහිය. 2 - ඔබ ඔබගේ ගනුදෙනු කාරයාගේ අවශ්‍යතාවයන් පුරුදුකම් හා රුචිකත්වයන් සමග ගැලපෙන්නට උත්සාහයක්වත් නොකරන නමුත් ඔහු ඔබගේම ඉංග්‍රිසි අවශ්‍යතාවයන් පුරුදුකම් සහ රුචිකත්වයන් අනුව කටයුතු කළ යුතුයයි ඔබ අපේක්ෂා කරන්නෙහිය) වඩා වෙනත් සුදුසුකම් අවශ්‍ය වන උසස් ආණ්ඩු තනතුරු වංශාධිපතීන්ට ඉතිරි කර තැබීම හැර වෙනත් දෙයක් කිරීමට ඔවුනට නොහැකි වීමයි. දැන් පවා ප්‍රවෘත්ති පත්‍ර මගින් මධ්‍යම පංතියේ අධ්‍යාපනය (middle-class education) ගැන කෙරෙන කෙළවරක් නැති විවාදවලින් පෙනෙන්නේ හොදම අධ්‍යාපනය ලැබීම සදහා තමන් තවමත් සුදුසු නැතැයි ඉංග්‍රිසි මධ්‍ය පංතිය කල්පනා කරන බව හා ඊට වඩා අඩු ප්‍රමාණයේ යමක් සොයා ගැනීමට ඔවුන් විපරම් කරන බවත්ය. ඒ අනුව ධාන්‍ය නීති අවලංගු කිරීමෙන් පසුව වුවද ඒ සදහා සටන් කර ජය අත්පත් කරගත් කොබ්ඩන්ලා බ්‍රයිට්ලා ‍ෆෝස්ටර් ආදීන්ට රටේ නිල ආණ්ඩුවෙන් කොටසක් භාර නොදී ඔවුන් ඉන් පිටතතැබීම සාමාන්‍ය දෙයක් ලෙස පෙනුනි. එහි වෙනසක් ඇති වූයේ ඉන් ඉක්බිතිව විසි අවුරුද්දක් ගෙවී ගිය තැන නව ප්‍රතිසංස්කරණ පනතකින්30 ඹවුනට අමාත්‍ය මන්ඩලයේ දොර විවෘත වීමෙන් පසුව පමණකි. ඉංග්‍රිසී ධනපතියා තුල ගැඹුරට කිදා බැස තිබෙන සමාජ භිමානයක් අද දක්වාම පවතින නිසා ඔවුහු රාජ්‍ය කාර්යන්හිදී ජාතිය වෙනුවෙන් ගෞරව සහිතව පෙනී සිටීම සදහා ආභරණයක් බදුවන අලස කුලයක් තමන්ගේ සහ ජාතියේ වියදමින් නඩත්තු කරති. ඇත්ත වශයෙන්ම තමන් විසින්ම නිෂ්පාදනය කරන ලද මෙම සුවිශේෂ හා වරප්‍රසාද ලත් පිරිසට තමන් අතරින් එකකු වැද්ද ගැනීමට තරම් සුදුසු වු විටෙක එය මහත් ගෞරවයක් සේ ධනපතියෝ සැලකූහ.

එනිසා ඉඩම් හිමි වංශාධිපතියන් සම්පුර්ණයෙන්ම දේශපාලන බලයෙන් ඉවත් කර දැමිමටකාර්මික සහ වාණිජ මධ්‍යම පංතිය සමත් වීමට පෙර තවත් තරග කරුවෙක් එම් කම්කරු පංතිය වේදිකාවට වන්නේය. චාටිස් ව්‍යාපාරයට සහ මහාද්විපික විප්ලවයන් සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරයද 1848-1866 කාලයේදී (සාමාන්‍යයෙන් හුදෙක්ම නිදහස් වෙළදාම නිසා යයි කියතත් ඊට වඩා දුම්රිය මාර්ගවල සමුද්‍ර තරණය කරන දුම් නැව්වල සහ පොදු වශයෙන් ගනුදෙනු මාධ්‍යන්ගේ යෝධමය සංවර්ධනය නිසා) ඉංග්‍රිසි වෙළදාම පෙර නොවු විරැ පරිද්දෙන් ව්‍යාප්ත වීමද නිසා නැවතත් කම්කරු පංතිය ලිබරල් පක්ෂයේ පිහිට ලබන තත්වයට යොමු කරන ලදින් ඔවුහු චාටිස්ට් කාලයට පෙර මෙන් එි රැඩිකල් අංශයක් ඇති කළහ. කෙසේ හෝ වේවා ඡන්ද බලය සදහා ඔවුන් කියන අයිතිවාසිකම් ඉවත ලිය නොහැකි තත්වයක් ඇති විය. ලිබරල්වාදීන්ගේ විග් නායකයන් ඒ ගැන බියක් දැක්වු අතර වාසිදායක අවස්ථාවකින් ප්‍රයෝජන ගනිමින් බරෝ ප්‍රදේශවල ගෘහ මුලික ඡන්ද බලය (househoid suffrage) ක්‍රියාත්මක කිරීමට සහ ආසන නැවත බෙදා වෙන් කිරීමට ටෝරි31 පාක්ෂිකයන් පෙළඹවීමෙන් ඩිස්රේලි ඔහුගේ විශිෂ්ටත්වය පෑවේය. ඉන් අනතුරුව රහස් ඡන්දය ඇතිවිය32 නැවත 1884 දී ගෘහ මූලික ඡන්ද බලය කවුන්ට් ප්‍රදේශ දක්වා පුළුල් කිරීම සහ මැතිවරන දිස්ත්‍රික්ක එක්තරා දුරකට සමාන වන ආකාරයට ආසන නැවත බෙදා වෙන් කිරීමද සිදු කෙරින. මේ සියලු පියවරයන්ම කම්කරු පංතියේ මැතිවරණ බලය සැලකිය යුතු තරමින් වැඩි කළේය. ටත් පිරිසෙයින් ආසන 150 සිට 200 දක්වා වු ගණනක වත් බහුතර ඡන්ද දායකයන් සංඛ්‍යාව ම පංතියේ සැපයෙන තරමට ම වැඩි වීම සිදුවිය. නමුත් පාර්ලිමේන්තු ආන්ඩුව යනු සම්ප්‍රදායයන්ට ගරුකිරීමට උගන්වන ප්‍රධාන පාසැලකි අපගේ පැරණි වංශාධිපතියන් යනුවෙන් ජෝන් මැනර්ස් සාමි වරයා විසින් කවටකමට මේ සදහන් කරන ලද පිරිස කෙරෙහි මධ්‍යම පංතිය බියක් සහ ගෞරව සම්ප්‍රයුක්ත බවක් දැක්වුයේ නම් කම්කරැවන් ඔවුන්ගේ ප්‍රධානින් වශයෙන් හැදින්වීමට පුරුදුව සිටි මධ්‍යම පංතිය කෙරෙහි දැක්වුයේ ගරුසරු බවක් හා සැලකිල්ලකි. අවුරුදු පහළොවකට පමණ පෙර ඇත්ත වහයෙන්ම ආදර්ශමත් කම්කරුවෙක් වු බ්‍රිතාන්‍ය කම්කරුවා ඔහුගේ ස්වාමියාගේ තත්වය කෙරෙහි දැක්වු ගරු සරු සහිත තත්වයද තමන්ම සදහා අයිතිවාසිකම් ඉල්ලීමේදී හු දැක්වු ආත්ම මර්දන නිහතමානි භාවයද දක්නා අපගේ කතේදර්-සමාජවාදී 33 ගුරුකුලයේ අපගේ ජර්මන් අර්ථ ශාස්ත්‍රඥයින්ට සුව කළ නොහෙන කොමියුනිස්ට් සහ විප්ලවාදී ප්‍රවණතාවයන් ඇති තමන්ගේම දේශයේ වැඩ කරන ජනයා සමග සසදන කල ඉංග්‍රිසි කම්කරුවාගෙන් ලැබුණේ අස්වැසිල්ලකි.

නමුත් හොද ව්‍යාපාරකයන් වන ඉංග්‍රිසි මධ්‍යම පංතිය ජර්මන් මහාචාර්යවරුන්ට වඩා දුරදීටීය. ඔවුහු අකැමැත්තෙන් වුවද කම්කරු පංතිය සමග බලය බෙදා ගත්හ. Puer robustus malitiosus එනම් ජනතාව කෙබදු දේ කිරීමේහි සමත් ද යන්න ඔවුන් චාටිස්ට් අවුරුදුවලදී උගෙන ගෙන තිබුණි. එනිසා එවක් පටන් එක්සත් රාජධානියේ අණපණත්වල මහජන ප්‍රඥප්තියෙන් වැඩි කොටසක් ඇතුලත් කිරීම ඔවුනට නොකර බැරි දෙයක් විය. දැන් සදාචාරමය මාර්ගයෙන් කිසි කලෙක හෝ ජනතාව සාමයෙන් තබාගැනීමට නම් ජනතාව ‍ෙකරෙහි සදාචාමය බලපෑමේ ප්‍රථම සහ ප්‍රධාන මාර්ගය ආගම වන්නේය. ආගමව පවතින්නේය. පාඨශාලා පාලක මණ්ඩලවල දේවගැතිවරුන්ගේ බහුතරයක් දක්නට ලැබෙන්නේ එහෙයිනි. ආගමික පිළිවෙත්වාදය පටන් "ගැලවීමේ හමුදාව"34 දක්වාවු නොයෙක් ආකාරයේ පුනර්ජනනවාදවලට ලෙවීමට ධනපතියා තමන්ටම පනවා ගන්නා බදු වැඩි වන්නේ එබැවිනි.

මෙම අවස්ථාවේදී මහා ද්විපික ධනපති පංතියේ නිදහස් චින්තනය සහ අඩු ආගමික භක්තිය පරදවා බ්‍රිතාන්‍ය නම්බුකාරකම ජයග්‍රහණය කළේය. ප්‍රංශයේ සහ ජර්මනියේ කම්කරුවන් කැරලිකාර බවට පත් විය. ඔවුනට සමාජවාදය තදින්ම බෝවී තිබිණ. ඔවුහු තමන්ට උසස් තත්වයක් ලබා ගැනීම සදහා අනුග